ෂෙරිල් – රුවන් කැදැල්ලට ළඟදිම අලුත් අමුත්තෙක් එකතු වෙයිලු – Sheryl Romen...

ෂෙරිල් – රුවන් කැදැල්ලට ළඟදිම අලුත් අමුත්තෙක් එකතු වෙයිලු – Sheryl Romen Decker and Ruwan Hettiarachchi New Family member Baby

2621
0
SHARE
Sheryl Romen Pregnant Photos

ෂෙරිල් – රුවන් කැදැල්ලට ළඟදිම අලුත් අමුත්තෙක් එකතු වෙයිලු

රුවන්ගේ අලුත්ම ගිතය මුලින්ම විස්තර ටිකක් කියන්න “වෙන්වෙලා ගියදා පටන්” කියන ගීතය තමයි මගෙ නවතම ගීතය. සජිත් පී. චතුරංග තමයි ගීතය ලියුවේ. එය සංගීතවත් කළේ චමත් සංගීත්.

ඇයි මේ විරහ ගීතම ගායනා කරන්නේ?
බොහෝ අය ඉල්ලන්නේ විරහ ගීත. වැඩි ප්‍රේක්ෂක පිරිසක් විරහ ගීත ඉල්ලන හින්දා විරහ ගීත ගයනව.

ඒ කියන්නේ දිගටම විරහ ගීත ගයන්න බලා‍පොරොත්තු වනවා කියලද?
නැහැ. ප්‍රසංග වේදිකාවට සරිලන විදියේ මම කලක් ගායනා නොකළ විදියේ ටිකක් වේග රිද්මයේ ගීතයක් ළඟදී ගායනා කරන්න හිතාගෙන ඉන්නවා.

රුවන් ක්ෂේත්‍රයට ආවේ සිංහාවලෝකනය චිත්‍රපටයේ “මතකද හැන්දෑවේ’’ෙගීතයෙන්. ඒත් ඔබේ චිත්‍රපට පසුබිම් ගායනය එතැනම නතර වුණා.
අද ගීත ගයන්න බොහෝ පිරිස් ඉන්නවා. අඩු මුදලට හෝ ගී ගයන්න සූදානම් අයත් මේ අතර ඉන්නවා. හොඳ අවස්ථාවක් ලැබුණොත් ආයෙම චිත්‍රපටයක ගීත ගයනවා.

දරුවන්ගේ මිල ගණන් අධිකයිද?
අධික මිලක් අය කරන්නේ නැහැ. ඒත් කලාකරුවකුට නිසි වටිනාකමක් තියෙනවා. මමත් මගේ වටිනාකම ගැන හිතනවා.

දරුවන් තවම සංගීත පන්ති ආරම්භ කළේ නැද්ද?
නැහැ. ඒ බලා‍පොරොත්තුව තව ටිකක් පමා කළා. පහුගිය කාලයේදී වුණ දේවල් අනුව එහෙම කරන්න සිදුවුණා.

පහුගිය කා‍ලේ සිදු වූ අභාග්‍ය සම්පන්න සිදුවීම් ගැන දැන් මොනවාද අලුත්ම තොරතුරු?
කිසිම අලුත් තොරතුරුක් නැහැ. ඒ සිදුවීම් එහෙමම යටපත් වෙලා ගියා.

ඒ කියන්නේ රුවන්ගේ වටිනා දේපළ මංකොල්ල කෑ සොරුන් ගැනවත් නැති වූ බඩුභාණ්ඩ ගැනවත් කිසිම ආරංචියක් නැහැ.
කිසිම ආරංචියක් නැහැ. මම නිතර නිතර ‍පොලීසි ගිහින් ඒ ගැන හොයන්න යනවා කියන්නේ මම මානසිකව විඳවනවා කියන එක. ඒ හින්දා මම ඒ සිද්ධිය අමතක කරලා දැම්මා. ‍පොලීසිය විසින් කවදා හෝ සුදුසු තොරතුරක් ලබා දුන්නොත් මිස මම ආයේ ඒ සිදුවීම් ගැන හිතන්න යන්නෙ නැහැ. මම දෙවියන් වහන්සේ විශ්වාස කරන කෙනෙක්. ඉතින් වැරදි කළ අයට ඒක භාරයි. මම ඒ ගැන හිත හිත විඳවන්නෙ නැහැ.

ෂෙරිල්ගේ අලුත් තොරතුරු මොනවාද?
ෂෙරිල් මේ දවස්වල ස්වර්ණවාහිනියේ විකාශය වන මීදුමෙන් එහා ටෙලි නාට්‍යයේ රඟපානවා. අලුත් ටෙලි නාට්‍යයකටත් ආරාධනා ලැබිලා තියෙනවා.

“වෙන්වෙලා ගියදා පටන් ගීතයේ රූප රචනාවේ රඟපාන්නෙත් ෂෙරිල්ද?
ඔව්. ෂෙරිලුයි මමයි දෙන්නම රඟපානවා.

ඉදිරියේදී ටෙලි නාට්‍යයක රඟපාන්න අදහසක් රුවන් තුළ නැද්ද?
රඟපෑමට ලොකු කාලයක් වෙන් කරන්න නම් බැහැ. ‍පොඩි චරිතයක් ලැබුණොත් රඟපානවා.

දැන් ෂෙරිල්ගෙයි රුවන්ගෙයි කැදැල්ලට අලුත් අමුත්තෙක් ආවොත් හොඳයි කියල හිතෙන්නේ නැද්ද?
දැන් අපි විවාහවෙලා අවුරුදු දෙකක් විතර ඇති. දැන් අපේ කැදැල්ලට අලුත් අමුත්තෙක් ආවොත් හොඳයි කියලා අපිත් හිතනවා. දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව හැමදේම සිදුවේවි.

NO COMMENTS

LEAVE A REPLY