සාක් සිනමා උළෙල 26දා සිට 31 වෙනිදා දක්වා ජාතික චිත්‍රපට සංස්ථාවේ දී!...

සාක් සිනමා උළෙල 26දා සිට 31 වෙනිදා දක්වා ජාතික චිත්‍රපට සංස්ථාවේ දී! sak-cinama-2015-in-sri-lanka

267
0
SHARE
sak-cinama-2015-in-sri-lanka

සාක් සිනමා උළෙල 26දා සිට 31 වෙනිදා දක්වා ජාතික චිත්‍රපට සංස්ථාවේ දී

දකුණු ආසියානු රටවල සංස්කෘතික වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙල යටතේ පැවැත්වෙන ‘සාර්ක් චිත්‍රපට උළෙල’ ලබන 26 වැනිදා සිට 31 වැනිදා දක්වා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාව්දී පැවැත්වේ.

හෙළ සිනමා කිවිඳිය ආචාර්ය සුමිතා පීරිස්ගේ ප්‍රධානත්වයෙන් උළෙල ආරම්භ කෙරේ.

නොමිලයේ පැවැත්වෙන මෙම සිනමා උළෙලේදී ශ්‍රී ලංකාව ඇතුළුව ඉන්දියාව, පාකිස්ථානය, බංග්ලාදේශය, මාලදිවයින, නේපාලය, භූතානය සහ ඇෆ්ගනිස්ථානය යන රටවල් නියෝජනය කරමින් කෙටි හා වෘත්තාන්ත චිත්‍රපට තිරගත කිරීමට නියමිතය.

හොඳම සිනමා නිර්මාණය තෝරා ඒ වෙනුවෙන් ත්‍යාග සහ සම්මානද දෙවන සහ තෙවන ස්ථාන සඳහා සම්මානයන්ද පිරිනැමෙන මෙහි ඉරානය, රුසියාව සහ සිංගප්පූරුව යන රටවලින් පැමිණෙන අධ්‍යක්ෂවරුන් ජූරිය නියෝජනය කිරීමට නියමිතය.

මැයි 29 වැනිදා ඉන්දීය සංස්කෘතික මධ්‍යස්ථානයේදී විදෙස් චිත්‍රපට අධ්‍යක්ෂවරුන්, රංගන ශිල්පීන්ගේ සහභාගීත්වයෙන් වැඩමුළුවක්ද පැවැත්වීමට කටයුතු යොදා ඇත. සම්මාන ප්‍රදානය සහ සමාප්ති උළෙල ප්‍රවීණ රංගන ශිල්පිනී අයිරාංගනි සේරසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

සිනමා උළෙලේ කාලසටහන

26 වැනිදා
ප.ව 6.30 – Tsepame Mandala for Long Life කෙටි චිත්‍රපටය – භූතානය
ප.ව 6.35 – Elizabeth Pilgrimage වෘතාන්ත චිත්‍රපටය – ඉන්දියාව
27 වැනිදා
ප.ව 3.30 The Incurable Gift කෙටි චිත්‍රපටය – භූතානය
ප.ව 4.00 Insaanaa වෘතාන්ත චිත්‍රපටය – මාලදිවයින
ප.ව 6.00 Marbles and Post Card කෙටි චිත්‍රපටය – ඉන්දියාව
ප.ව 6.30 Mrittoka Maya වෘතාන්ත චිත්‍රපටය
28 වැනිදා
ප.ව 3.30 Dreams, Weavers & Viewers කෙටි චිත්‍රපටය – ශ්‍රී ලංකාව
ප.ව 4.00 Chotoder Chobai වෘතාන්ත චිත්‍රපටය – ඉන්දියාව
ප.ව 6.00 Love? Lust? Love? කෙටි චිත්‍රපටය – නේපාලය
ප.ව 6.30 Motor Cycle වෘතාන්ත චිත්‍රපටය – ශ්‍රී ලංකාව
29 වැනිදා
ප.ව 3.00 The Container කෙටි චිත්‍රපටය – බංග්ලාදේශය
ප.ව 3.30 Shrikhandi Kotha වෘතාන්ත චිත්‍රපටය – බංග්ලාදේශය
ප.ව 6.00 Have a Nice Day කෙටි චිත්‍රපටය – ශ්‍රී ලංකාව
ප.ව 6.30 Mina Walking වෘතාන්ත චිත්‍රපටය – ඇෆ්ගනිස්ථානය
30 වැනිදා
ප.ව 3.00 Vithya කෙටි චිත්‍රපටය – ඉන්දියාව
ප.ව 3.30 Patibana වෘතාන්ත චිත්‍රපටය – ශ්‍රී ලංකාව
ප.ව 6.00 The Pseudo Ploguher කෙටි චිත්‍රපටය – පාකිස්ථානය
ප.ව 6.30 Hulhudaan වෘතාන්ත චිත්‍රපටය – මාලදිවයින

NO COMMENTS

LEAVE A REPLY