ඔව් මම යාළුයි තමයි මිනිස්සු එක්ක යනවා තමයි ..තමුසේ ගමේ ඉන්න එකක්යැ.....

ඔව් මම යාළුයි තමයි මිනිස්සු එක්ක යනවා තමයි ..තමුසේ ගමේ ඉන්න එකක්යැ.. !! sleeping with ex husband

306
0
SHARE
sleeping with ex husband
“මං ආසයි මට ගෙදර යන්න තියනවා නම්.ඒත් ඉතින් කොහොම කියලා ගෙදර යන්නද? දඬුවම නියම කරලා තියෙන්නේ එල්ලලා මරන්නනේ..”
ඔහු පවසන්නේ ශෝකි හඩිණි…මහතුන්ගේ වයස අවුරුදු හැටහතටත් වඩා වැඩියි..මැදිවියේදී කළ මිනිමැරුමක් නිසා කල්දේරම් බත් කන්නට වීම පිළිබඳව ඔහුට ඇත්තේ පසුතැවිල්ලකි..

“හැමෝම මට ඒ කාලේ කිව්වා ඔය කසාදේ කරගන්න එපා අමාරුවේ වැටිලා දුක්විදින්න වෙයි කියලා..ඒත් මම ඇහුවේ නැහැ..කසාදේ තමයි මට මගේ ජීවිතේ නැති කෙරුවේ..”
මහතුන් එසේ පැවසුවේ සුසුමක් හෙළමින්ය..

මහතුන් එවකට රාජ්‍ය ආයතනයක සුළු සේවකයකු ලෙස කටයුතු කළේය.. ඒ වන විට ඔහුගේ වයස විසිහතරක් පමණ වන්නට ඇත.ඔහු බොහෝ විට යහළුවන්ගේ නිවෙස්වලට ගියේ ඔවුන්ගේ නිවෙස්වල විදුලිය සම්බන්ධ වැඩකර දීමටය..මහතුන්ට පද්මා හමුවුයේ ඒ ගිය ගමනකදීය..

“මම පද්මලාගේ ගෙදර වයරින් වැඩක් කෙරුවා .පද්මා හරි හැඩකාරයි..නමුත් ගමේ මිනිස්සු කැමති වුනේ නැහැ…. මම පද්මට ආලවන්තකම් පානවට…අඩුම තරමේ පද්මලාගේ තාත්තලාවත් කැමති වුනේ නැහැ මම එයාව කසාද බදිනවට…”

ඇයි එහෙම අකමැති වුනේ.. “පද්මා ඇහැට කනට පේන හැඩකාර කෙල්ලක් වුනාට එයාගේ චරිතය ඒ තරම් හොඳ නැහැලු. ඒත් මං ගමේ අය කියපු දේවල් විශ්වාස කළේ නැහැ..ඒ වෙනකොට පද්මට මංගල යෝජනා කිහිපයක්ම ඇවිත් තිබුණා.. මනමාලයෝ කීප දෙනෙක්ම ඇවිත් බලලා ගිහින් තිබුණා..නමුත් ඒ එකක්වත් හරිගියේ නැත්තේ ගමේ අය පද්මා ගැන කියලා ඒ අයට ලියුම් කරදහි යවලා තිබුණ නිසා…

ඔය අතරේ තමයි මම පද්මා එක්ක යාළු වුණේ..අඩුම තරමේ අපේ ගෙදරින් වත් පද්මට කැමති වුනේ නැහැ..හැමෝම කිව්වේ ඔච්චර ලස්සන ගැහැණියක් උඹට පරිස්සම් කරන්න බෑ කියල.ඒත් ඉතිං ඒ වෙනකොට මම පද්මට වහ වැටිලා හිටියේ.ඒ නිසා කවුරු මොනවා කිව්වත් පද්මා ගැන මගේ හිතේ තිබුණ අදහස වෙනස් කරන්න කාටවත් බැරිවුනා..මම පද්මව කසාද බැන්දා…

කසාද බැදලා ගෙනිච්ච මුල් දවසේ තමයි මට තේරුණේ ගමේ මිනිස්සු කියපු කතාව ඇත්ත බව..පද්මා මගේ කකුල් දෙක ළඟ වැටිලා හැඬුවා.මම පද්මට සමාව දුන්නා.ආය කිසිම දවසක වරදක් කරන්න එපා කියලා… මම පද්මගේ ගමේම නතර වුණා..ඒකට අපේ ගෙවල් වලින් කැමති වුනේ නැහැ..

ගමේ අය කියපු තරම්ම පද්මා නරක නෑ කියලා මට සතියක් දෙකක් යනවිට තේරුණා…ඒ නිසා මටම එයාව දාලා ගමෙන් පිටවෙලා යන්න එතරම් බයක් තිබුණෙත් නැහැ..මම සති කිහිපයකට පස්සේ ගමෙන් පිට රස්සාවකට ගියා..ඒ වෙනකොට මම රජයේ රස්සාවට සමුදීලා හිටියේ…පද්මා බලන්න මම සතියකට දෙකකට වතාවක් ගමට ආවා.. ඒ ආවමවත් එයාගේ කිසිම වෙනසක් තිබුණේ නැහැ..

පද්මගේ තාත්ත අපිට දීපු ඉඩම් කෑල්ලේ මම පුංචි ගෙයක් හැදුවා.ඒ ගෙයි එක කාමරයකුත් සාලයකුත් කුස්සියකුත් තිබුණා..පද්මා ගෙදර දොර වැඩවලට හරිම දක්ෂයි..අපි විවාහවෙලා අවුරුද්දක් විතර යද්දී අපට දරු පැටියෙක් ලැබුණා..ඊට අවුරුදු දෙකකට විතර පස්සේ තවත් දරුවෙක් ලැබුණා..ඒ ලැබුණේ දුවෙක්..දරුවෝ දෙන්නයි පද්මයි ගමේ ඉන්දැද්දී මම ගෙවල් වයරින් කරන්න ගියා..

ඒත් එක සති අන්තයක මම ගෙදර එද්දී ගමේ මනුස්සයෙක් මට කිව්වා..පරෙස්සමින් ගෙදර යන්න කියලා.. මම ඒ වෙලාවේ ඒ කියපු දේ ගැන හිතුවේ නැහැ….නමුත් ඒ කියපු දේ මගේ හිතේ තිබුණා.. මම සතියක් දෙකක් ගමේ නතර වුණා..මට පද්මගේ වෙනසක් දනෙන්න ගත්තා…

“ආයේමත් දරුවෙක්” පද්මා දවසක් හැන්දෑවක එහෙම කිව්වා… “කොහොමද එහෙම වුණේ”….. මම තනියම එහෙම හිතුවා..මං පද්මගෙන් මොකුත්ම අහන්න ගියේ නැහැ…ඒත් වෙනදා නැති දැඟලිල්ලක් මම පද්මාගෙන් දැක්කා…..පද්මා හැම වෙලාවකම බැලුවේ මාව මඟහරින්න..

“පුතේ උඹ මේ ගෙදරට නාවට කමක් නැහැ”…… පද්මගේ තාත්තා දවසක් මට එහෙම කිව්වා..මං ඒ ඇයි කියලා අහපුවම තමයි තාත්තා මට විස්තරේ කිව්වේ…ඒ වෙනකොටත් පද්මා ගමට ආව ගිය කිහිප දෙනෙකු සමඟම යාළු මිත්‍ර කම් පවත්වලා තියනවා,තාත්තා වගේම තවත් කිහිපදෙනක්ම මා සමඟ ඔය බව කිව්වා..මම හැන්දෑවක පද්මගෙන් ඒ ගැන ඇහුවා… පද්මා මගේ ඇඟට කඩාපැන්නා…

“ඔව් මම යාළුයි තමයි තමුසේ ගමේ ඉන්න එකක්යැ….මම මිනිස්සු එක්ක යනවා තමයි”…..
පද්මා මගෙත් එක්ක හොදටම රණ්ඩු වුණා,මං පද්මගේ කොණ්ඩෙන් ඇදලා අරගෙන එයාගේ කම්මුලට පහර දෙක තුනක් දුන්නා..එයාඒ රෑ කළුවරේම පොලිසියට ගියා..මමත් ගියා.ඒත්පොලිස් පොතේ කිසිම පැමිණිල්ලක් ලියා ගත්තේ නැහැ..පොලිසියේ මහත්තුරු මට කිව්වේ..ලොක්කෝ ඔය ගෑනීව අතැරපන් උඹට ඔය ගෑනී නිසා හිරේ ලගින්නයි වෙන්නේ කියලා..ඒත් මම පද්මා එක්ක එක ගෙදර හිටියා…. ඒත් ඒ ගෑනී මට කළේ හතුරුකම්…

මගේ දරුවෝ දෙන්නා ගැන බලන්න ඕන නිසා මං හම්බකරලා ගෙනල්ලා දුන්නා….ඒත් ඒ ගෑනී කළේම හතුරුකම්… “මං උඹව මරණවා”…. දවසක් අපි දෙන්නා රණ්ඩු වෙද්දී මගේ මුණටම කිව්වා…
මං හිතුවේ එයා නිකමට එහෙම කියනවා කියලා..ඒත් ඒක බොරුවට කියපු එකක් නෙමෙයි කියලා මට දැනුණේ පස්සේ…
“ඒකොහොමද?” පද්මගේ තාත්තා මට කිව්ව පුතේ උඹ මේ ගෑනිව අතහැරලා පලයං නිකම් අමාරුවේ වැටෙන්නේ නැතිව කියලා…
ඒත් මට මගේ දරුවෝ දාලා යන්න ලෝභ හිතුණා…ඒ ඔක්කෝටම වඩා කවුරු මොනව කිව්වත් මං පද්මට ඇත්තටම ආදරේ කළා…

නමුත් නිතර නිතර අපි අතරේ ආරවුල් ඇතිවුණා….මං කොච්චර මඟහැරලා හිටියත් පද්මා සමහර වෙලාවට මගෙත් එක්ක බලෙන්ම කතාවට ඇවිත් රණ්ඩු වුණා….එයා මං ගේන සල්ලි සතයක් නෑර එයාගේ අතට ගත්තා….දවසක් කවදාවත් නැති විදිහට මගේ ළඟට ආදරයෙන් තුරුළුවෙන්න ආව….
“අපි හැම දේම අමතක කරමු”

එයා මට තුරුළු වෙලා එහෙම කිව්වා.. ඊටත් ටික වෙලාවකට පස්සේ පද්මා මට කිරි එකක් හදාගෙන එන්න කියලා කුස්සියට ගියා..මම වාඩිවෙලා හිටපු තැනට කුස්සිය හොදට පේනවා..මම පද්මා කිරි හදන දිහා බලන් ඉන්න විටයි දුටුවේ,එයා කිරි එකට මොනවද දානවා.මම හීන්සිරුවේ පිටිපස්සෙන් ගිහින් බැලුවා පද්මා කිරි එකට වහ දාලා..පද්මා කිරි වීදුරුවත් අරගෙන මා ළඟට ආවා….

මම හංගගෙන තියාගන හිටපු කැත්තෙන් පද්මාට ගැහුවා..එක පාරක් නෙමෙයි දෙතුන් පාරක් ගැහුවා..පද්මාගේ කෑගැහිල්ලට දරුවෝ ඇහැරුණා…
“එපා තාත්තේ එපා”……. කියලා දුව කෑගැහුවා..මම කැත්තත් අරගෙනම ඒ රෑම පොලිසියට ගියා…සිදුවු සියල්ල විස්තර ඇතුව කිව්වා…ඒත් පොලිසියෙන් මා කිවු දේ පිළිගත්තේ නැහැ…
“ලොක්කෝ අපි උබට කිව්වනේ ඔය ගෑනී හරියන්නේ නෑ කියලා”…..

පද්මාගේ තාත්තා පොලිසියේදී උසාවියේදී කිව්වේ මම පද්මා මැරුවා කියලා එයා විශ්වාස කරන්නේ නැහැ කියලා..
ඒත් දුව සාක්ෂි දුන්නා මම පද්මට කැත්තෙන් කොටනවා දැක්කා කියලා…මම හිර ගෙදරට නියම වුනා…දරුවෝ දෙන්නව පද්මාගේ තාත්තා බාරගත්තා…දැන් මගේ දරුවෝ ලොකු ඇති…ඒත් ඒ අය මාව බලන්න එන්නේ නැහැ…උන් හොදින් ඉන්නවා නම් මට ඒ හොදටම ඇති..මහතුන් පවසන්නේ සුසුමක් හෙලමිනි…

එල්ලුම් ගහ ක්‍රියාත්මක වේදැයි නොදන්නා මහතුන් ජීවිතයේ හෙට දවස කෙසේ විසදෙන්නේ දැයි බලා හිදින්නේ ය.

 

NO COMMENTS

LEAVE A REPLY