Sri Pada Holy Temple – Experiences OF People Who Saw Holy Footprint...

Sri Pada Holy Temple – Experiences OF People Who Saw Holy Footprint Live

68
0
SHARE
Sri Pada Holy Temple - Experiences OF People Who Saw Holy Footprint Live
Sri Pada Holy Temple - Experiences OF People Who Saw Holy Footprint Live
    සමනල සිරසේ සැබෑ සිරිපා පියුම දෑසින්ම දුටු පින්වන්තයෝ
 
     සිරිපා වන්දනා සමය දුරුතු පසළොස්‌වක පෝයත් සමගම ඇරඹුණු අතර සුපුරුදු පරිදි අවසන් වන්නේ වෙසක්‌ පසළොස්‌වක පෝයත් සමගමය.

බෞද්ධ, හින්දු, කතෝලික හා ඉස්‌ලාම් යන ආගම් හතරටම අයත් බැතිමතුන්ගේ වන්දනාමානයට පාත්‍ර වන, ලෝකයේ ඇති එකම පූජනීය ස්‌ථානය වන්නේද ශ්‍රීපාදස්‌ථානයයි.

තිලොවට තිලක වූ සම්මා සම්බුදුපියාණන් වහන්සේ ලංකාවට තෙවරක්‌ වැඩම කළ අතර තෙවැනි වරට වැඩම කළ අවස්‌ථාවේ සුමන සමන් දෙවිහාමුදුරුවන්ගේ ආරාධනාවකට අනුව සමනල කන්දට වැඩම කොට ශ්‍රී පාද ලාංඡනය පිහිටුවූ බව ශාසන ඉතිහාසයේ සඳහන්ය.

 
Sri Pada Holy Temple - Experiences OF People Who Saw Holy Footprint Live gossips lanka news
  • Facebook
  • Twitter
  • Google+
  • Pinterest
  • LiveJournal
  • Gmail
  • Yahoo Mail
Sri Pada Holy Temple – Experiences OF People Who Saw Holy Footprint Live
මීට සියවස්‌ කීපයකට කලින්, මුනිසිරිපා පියුම නිරාවරණයට පැවති හෙයින් ඇස්‌පනාපිටම දැකබලා ගන්න ඉඩ ලැබී ඇත. එය දැක බලා ගන්න පැමිණි අය, සිහිවටන වශයෙන්, එහි යම් යම් කොටස්‌ ගලවා ගෙන ගොස්‌ ඇති හෙයින්, පසුව ආවරණය කෙරුණු බව දැන ගන්නට ඇත.

සමනල කන්ද අඩි 7400 ක්‌ තරම් උසය. සමනල සිරසේ මුනිසිරිපා පියුම ඇස්‌පනාපිටම දැකබලා ගත් අය අතර මහා ඇලෙක්‌සැන්ඩර් අධිරාජ්‍යයාද කෙනෙකි. මහා ඇලෙක්‌සැන්ඩර් අධිරාජ්‍යයා, මීට සියවස්‌ ගණනාවකට පෙරාතුව සිරිපා වන්දනාවේ පැමිණි බැව් පර්සියානු ජාතික අෂ්රාඡ් නමැති කවියා වරෙක ප්‍රකාශ කළේය.

අතීතයේදී සිරිපා සලකුණ දැක බලා ගැනීමට තරම් පින් කඳක්‌ තිබුණු අය අතර කීප දෙනෙක්‌ම සිිටියහ. ලෝක ප්‍රකට දේශ ගවේෂක ඉබන් බතූතා, චාඔ ජුකුමා, සුලෙයිමන්තුමා, ජෝන් ද මරිඤ්ඤෝල්ලි බිෂොප්වරයා, ඉබන් තබූර් දාබ්ඛෙ වැනි අය සිරිපා සලකුණ ඇස්‌පනාපිටම දැක ඇත.

ඔවුන් ප්‍රකාශ කර ඇති ආකාරයට සිරිපා සලකුණේ ප්‍රමාණය විවිධාකාරය. ජෝන්ද මරිඤ්ඤෝල්ලි බිෂොප්වරයා මීට සියවස්‌ හතකට පමණ කලින් සිරිපා වන්දනාවට පැමිණි කෙනකු වූ අතර හෙතෙම ප්‍රකාශ කොට තිබුණේ සිරිපා සලකුණ, වියත් දෙකහමාරක්‌ පමණ වන බවය. එය වියත් 11 ක්‌ තරම් දිගයයි ඉබන් බතූතා ප්‍රකාශ කළේය. චාඔ ජුකුමා කියා සිටියේ සිරිපා සලකුණ, අඩි හතකට වඩා දිග සලකුණක්‌ වන බවය.

සුලෙයිමන් කර තිබුණු විස්‌තරවලට අනුව, එහි දිග රියන් ගණනකි.

සමනල කන්ද මුදුනේ පිහිටියේ අප තිලෝගුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ශ්‍රීපාද පත්මයමයි. බෞද්ධයන් වන අප දැඩි ලෙස විශ්වාස කරන වග නොකිවමනාය. එය එසේ වුවද, හින්දු, කතෝලික හා ඉස්‌ලාම් බැතිමතුන්ද, සිරිපා වන්දනාවේ යෙදෙන්නේ, එම ලාංඡනය හා ඔවුන්ගේ ආගම්ද අතර සම්බන්ධයක්‌ ඇතැයි විශ්වාස කරමිනි.

පරංගි ජාතිකයන් සමනල කන්ද හැඳින්වූයේ පිකෝද ඇඩම් යන නමිනි. කතෝලික ආගමිකයන් යෙදූ නම ආදම්ගේ කන්ද (ඇඩම්ස්‌ පීක්‌)ය. ශිවනඩිපාදම් යන්න හින්දු ආගමිකයන් යෙදූ නම වන අතර බබා අදමලින් යනු ඉස්‌ලාම් ආගමිකයන් යෙදූ නමය.

සිරිපා කරුණාව සඳහා මාර්ග කීපයකි. හැටන්, පලාබත්ගල, රත්නපුර ප්‍රධාන මාර්ගය. බුදුපියාණන් වහන්සේ සමනල සිරසට වැඩි අවස්‌ථාවේ දිවා විහරණය කළේ දිවා ගුහාවේය. දිවා ගුහාව පවා සියෑසින්ම දුටු අය අප අතර සිටිති. කිරිඳිවැල මධ්‍ය මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වූ උපාලි බෝපෙආරච්චි මහතා එක්‌ වතාවකදී දිවා ගුහාව සියෑසින්ම දැක ඇත.

ශ්‍රීපාද කන්ද වටපිටාවේ උයනක පරිද්දෙන්, පළතුරු ගස්‌ද, ආහාරයට ගත හැකි කොළවර්ග සහිත ගස්‌ද තිබුණු බව සියවස්‌ හතකට පමණ පෙර සිරිපා කරුණා කළ මරිඤ්ඤෝල්ලි බිෂොප්වරයා සඳහන් කර තිබිණි.

ඉබන් බතුතා සිරිපා කරුණා කළ කාලයේ කඳු සිරසට නැගීම සඳහා තිබී ඇත්තේ ගල් පඩි සහිත පාරවල් දෙකකි. ඒ පාරවල් දෙක නම් කොට තිබී ඇත්තේ ආදම්ගේ පාර හා ඒ වගේ පාර යනුවෙනි.

ඉස්‌ලාම් ආගමිකයන්ගේ විශ්වාසය වන්නේ පව් සේදීමේ අදිටනින් ආදම් සමනල කන්ද මත පාදයකින් හිටගෙන සිටි නිසා පා සලකුණ එහි පිහිටි බවය.

නර්තනයක්‌ සඳහා ශිව දෙවියන් ධර” තලයට පිවිසි අවස්‌ථාවේ පා සටහන සමනල කන්ද මත තැබූ බව හින්දු ආගමිකයන්ගේ විශ්වාසයයි.

ශ්‍රී පාද ලාංඡනය මුලදී ඇස්‌පනාපිටම දැක බලා ගැනීමට හැකිවීම නිසා, එහි මාපටගිල්ල ඇතුළු යම් යම් කොටස්‌ සමහර විදේශීය වන්දනාකරුන් විසින් කඩා ගෙන ගොස්‌ ඇතැයි කියති. ශ්‍රීපාද ලාංඡනය ආවරණය කරන ලද්දේ ඉන් පසුවය.

ශ්‍රී පාද කන්දේ පාද ලාංඡනය තම ශාස්‌තෘවරයාගේ පාද ලාංඡනයයි. බෞද්ධ, හින්දු, කතෝලික, ඉස්‌ලාම් ආගමිකයන් හැමෝම කල්පනා කරන හෙයින්, වන්දමාන සඳහා ඔවුන් සියල්ලෝම එහි යැමට පුරුදුව සිටිති.

දේව දූතයන්ගේ ග්‍රහණයට හසුව ආදම් හා ඒව එහි ගෙනෙනු ලැබූ බවත්, ඉන් පසු ඔවුන් දෙදෙනා එහි කල දවස ගෙවූ බවත් මරිඤ්ඤෝල්ලි බිෂොප්වරයා පවසා තිඛෙන්නේ, ශ්‍රී පාද කන්දට ආදම්ගේ කන්ද යන නම යෙදීමට හේතුව විස්‌තර කරමිනි.

සමනල කන්ද මුළුමණින්ම ගිනිගත් අවස්‌ථාවක්‌ද මට හොඳට මතකය. එය සිදු වූයේ මීට වසර තිහ හතළිහකට පමණ කලිනි.

මා එවක දිනමිණ කර්තෘ මණ්‌ඩලයේ සේවය කළ අතර ආරංචිය ලැබීමෙන් පසු අප එහි යන විට සිරිපා මළුවේ ගොඩනැගිල්ලක වඩිම්බු ලෑල්ලක්‌ පවා ගින්නට හසුව පිළිස්‌සී ගොස්‌ තිබුණු අයුරු දැක මම විමතියට පත්වීමි. ගින්නට හසුවීම නිසා, ශ්‍රී පාද කන්ද පෙනුණේ, හිස බූ ගෑ කෙනකු පරිද්දෙනි. ශ්‍රී පාද කන්දට අධිගෘහිත සුමනසමන් දෙවිහාමුදුරුවන්ගේ ප්‍රතිමාවද, ධාතු කරඬුවද ඇතුළු සෙසු පූජා වස්‌තූන්ද, අවුරුද්දේ සෙසු කාලවලදී, පැල්මඩුල්ලේ පලාබත්ගල රාජමහා විහාරස්‌ථානයේ තැන්පත් කර තැඛෙන අතර සමනල සිරස මතට පූජා වස්‌තු වැඩම කරන්නේ වන්දනා කාලයක ආරම්භයේදීය.

සියවස්‌ තුන් කාලකට, සියවසකට පමණ පෙර ලංකාවේ වාහන භාවිතයක්‌ නොතිබුණු අතර, ඒ කාලයේ උතුරු මැද දකුණ වැනි දුර බැහැරු පළාත්වල සිට අපේ මුතුන්මිත්තන් සිරිපා වන්දනාවේ ගියේ, සමූහ වශයෙන් එක්‌ව පයින්මය. එලෙස ඔවුහු සැතපුම් සිය ගණනක්‌ දුර ප්‍රමාණයක්‌ පයින්ම ගියහ. ආපසු ආවේද එලෙසින්මය. අතරමගදී නවාතැන් ගත්තේ විහාරස්‌ථාන ආදියේය.

සිරිපා වන්දනා ගමන පවා සමහරුන් දැන් විනෝද ගමනක්‌ බවට පත්කර ගෙන ඇති නමුත්, අපේ මුතුන්මිත්තන් ඉස්‌සර සිරිපා වන්දනාවේ ගියේ, ඉහවහා ගිය ශ්‍රද්ධාවකින්, භක්‌තියකින් වඳින්න යන මේ නඩේට සම්මා සම්බුදු සරණයිල යනාදී භක්‌ති ගී කවි ගායනා කරමිනි.

Source – Divaina.com

NO COMMENTS

LEAVE A REPLY