සනී ලියෝන් තිත්ත අතීතය ගැන ඇත්ත හෙළිකරයි – Sunny Leone Interview With...

සනී ලියෝන් තිත්ත අතීතය ගැන ඇත්ත හෙළිකරයි – Sunny Leone Interview With Times Of India

699
0
SHARE
sunny-leone-interview-times-india

‘‘නිල් චිත්‍රපටවලට බැන්නට කට්ටිය හොරෙන් ඒවා බලනවා‘‘

නිල් චිත්‍රපට ක්ෂේත්‍රයෙන් ජනප්‍රියත්වයට පත්ව මේ වන විට බොලිවුඩයේ ඉමහත් ප්‍රසිද්ධියක් පත්වී ඇති නිළියක් වන සනී ලියෝන් පසුගිය දිනෙක The Times of India සඟරාව සමඟ කළ සම්මුඛ සාකච්ඡාවකදී ඇයගේ රංගන දිවිය සම්බන්ධයෙන්ම මෙන්ම ඇය ප්‍රසිද්ධියට පත්වූ ක්ෂේත්‍රය පිළිබඳව අදහස් පළකර ඇත.

එහිදී ඇය විශේෂයෙන් පවසා ඇත්තේ නිල් චිත්‍රපටයන් නරකයි කියමින් එයට විරුද්ධවන බොහෝ පිරිසක් ඒවා හොරෙන් නැරඹීම සිදුකරන බවයි. එමෙන්ම නිල් චිත්‍රපට වලට සහභාගී වීම ඇය විසින් මේ වන විට නතර කර ඇති බවත් පවසා තිබෙනවා.

ඇයට බොලිවුඩ් චිත්‍රපටවල රඟපෑමට මේ වන විට වැඩි අවස්ථාවක් ලැබී තිබීම එයට හේතුවී තිබෙන බවත් සනී පවසා තිබෙනවා. ඇය පවසන්නේ නිල් චිත්‍රපටයන්හි රඟපෑම බොලිවුඩ් සිනමාවට එකතු වෙන්න යොදාගත්තු ‍පොඩි අතුරු මාර්ගයක් පමණක් බවයි.

ඇය සමඟින් කළ සාකච්ඡාව පහතින්…..

ඔබේ සැමියා කාමෝද්දීපන දර්ශන රංගනය ගැන ඔබට දොස් කියන්නේ නැද්ද?

මම චිත්‍රපටවල කරන කියන හැමදේම පිටපතකට අනුව සිද්ධවෙන දේවල්. ඒ දේවල් අධ්‍යක්ෂකවරයාට කැමති විදියට සිද්ධවෙන්නේ. ඒක මගේ රස්සාව. අධ්‍යක්ෂවරයා ‘කට්’ කියලා කීව ගමන් මගේ ජොබ් එක ඉවරයි. එතනින් එහාට දෙයක් නෑ. ඉතින් මගේ සැමියා මගේ රඟපෑම් ගැන වැඩිපුර හිත කරදර කරගන්නේ නෑ. අපි ජීවිතේ සමහර දේවල් වලට රණ්ඩු කරගන්නවා. ඒත් රංගනයේදී වෙන දේවල් ගැන නම් රණ්ඩුවෙලා නෑ.

කාමුක සිනමාපට නරඹන කට්ටිය ඒවායේ රඟපාන නිළියන්ට බණිනවා නේද ?
ලෝකේ හැටි එහෙම තමයි. කවුරුත් හොරෙන් හොරෙන් හරි ඒවා බලනවා. ඒත් මොකුත් නොකරනවා වගේ සමාජය ඉදිරියේ බොරු ප්‍රතිරූපයක් ඒ අය නඩත්තු කරනවා.

මම කළින් කරපු කිසිදෙයක් ගැන ලැජ්ජා වෙන්නේ නෑ. ගලින් ගලට පා තියමින් ආපු ගමනක් මට තියෙන්නේ. අතීතයේදී මම කළ හැම රඟපෑමක්ම මගේ ගමනේ එක පියවරක් විතරයි.

gossips lanka news
  • Facebook
  • Twitter
  • Google+
  • Pinterest
  • LiveJournal
  • Gmail
  • Yahoo Mail
gossips lanka news
  • Facebook
  • Twitter
  • Google+
  • Pinterest
  • LiveJournal
  • Gmail
  • Yahoo Mail
gossips lanka news
  • Facebook
  • Twitter
  • Google+
  • Pinterest
  • LiveJournal
  • Gmail
  • Yahoo Mail
gossips lanka news
  • Facebook
  • Twitter
  • Google+
  • Pinterest
  • LiveJournal
  • Gmail
  • Yahoo Mail
gossips lanka news
  • Facebook
  • Twitter
  • Google+
  • Pinterest
  • LiveJournal
  • Gmail
  • Yahoo Mail
gossips lanka news
  • Facebook
  • Twitter
  • Google+
  • Pinterest
  • LiveJournal
  • Gmail
  • Yahoo Mail

NO COMMENTS

LEAVE A REPLY