What Will Tell Your Birth Marks About Your Life

What Will Tell Your Birth Marks About Your Life

383
0
SHARE
What Will Tell Your Birth Marks About Your Life
What Will Tell Your Birth Marks About Your Life

 

What Will Tell Your Birth Marks About Your Life gossips lanka news
  • Facebook
  • Twitter
  • Google+
  • Pinterest
  • LiveJournal
  • Gmail
  • Yahoo Mail
What Will Tell Your Birth Marks About Your Life

උපන් ලපය වාසනාව හෝ අවාසනාව රැගෙන එන්නේ යයි විශ්වාසයක් අප තුල ඇත. උපන් ලපය නිසා ලැඛෙන වාසනාව හෝ අවාසනාව තීරණය වන්නේ උපන් ලපය පිහිටා ඇති ස්ථානය, එහි පාට සහ එය කොතරම් විශාලද යන කාරණාව මතයි. උපන් ලප පෙර ආත්ම භාවයන්ගේ සිට අප කරපින්නා ගෙන එන කරමය මේ ආත්මයේදී ප්‍රකාශය වන ක්‍රමයක් ලෙසද මතයක් පවතී. උපන් ලප හෙළිකරන රහස් පිලිබදව අද දිනයේ අද දවසින් අප ඔබට ඉදිරිපත් කරමු.

01 උපන් ලපය
ඔබගේ ජීවිතය අභියෝගාත්මකය, අසීරු කාලවලට මුහුණ දෙනු ඇත. නමුත් ශරීරයේ ඉදිරපස පිහිටා තිඛෙන මෙවැනි උපන් ලප රතු පැහැති නම්, එයින් සංකේතවත් වන්නේ එම අභියෝගය ජයගෙන ඉදිරියට යන බවයි.

02 උපන් ලපය
ඔබ පහසුවෙන්ම පීඩනයට හසුවෙන අයෙකි. විශේෂයෙන්ම ඔබ ආදරය කරන අය නිසා නිතර සිත් තැවුල් ඇති කර ගැනීමට ඉක්මන් වේ. නමුත් ඒ සෑම විටම ගැඹුරු හුස්මක් රැගෙන අනවශ්‍ය ලතැවිල්ල පාකර හරින්නට අමතක කරන්නට එපා.

03 උපන් ලපය
ඔබ ජනප්‍රිය හා ප්‍රයෝජනවත් අයෙකි. එක පිට එක පැමිණෙන අභියෝග නිසා ඔබගේ ජීවිතය කාර්යබහුල වනු ඇත. ඔබට වැඩවලින් අඩුවක් නැත. එසේම සමාජශීලී බවෙන්ද ඔබ ඉදිරියෙන් සිටී. එයට හේතුව වනුයේ හොදින් වගකීම් උසුලමින් ඉහලට යාමට ඔබ තුල ඇති ආශාව නිසාය.

04 උපන් ලපය
මෙම උපන් ලපය හිමි ඔබ ආහාර පුරුදු වලින් ප්‍රවේශම් විය යුතුය. විශේශයෙන්ම උපන් ලපය කළු පැහැති නම් සහ හොදින් කැපී පෙනෙයි නම් හොදින් සැලකිලිමත් විය යුතුය. අවෙිලාවෙදී පමණ ඉක්මවා ආහාර නොගන්න. නමුත් මෙම උපන් ළපය ලා පැහැති නම් ඔබගේ සහකරු හෝ සහකාරිය ඔබට ඛෙහෙවින් ආදරය කරයි.

05 උපන් ලපය
ළයේ ඉහල කොටසේ පිහිටා තිඛෙන මෙම උපන් ලපයට හිමිකම් කියන අයට දුක් කරදර ස්වල්පයක් සහිත ප්‍රීතිමත් ජීවිතයක් සංකේතවත් කරයි. නමුත් වයස අවුරුදු පනස් ගණන්වල පසුවෙද්දී සෞඛය ගැන නීරෝගීකම පිලිබදව සැලකිලිමත් විය යුතුය.

06 උපන් ලපය
මෙම උපන් ලපය හිමි තැනැත්තා ලොකු සිහින දකින, ඉතාම අපේක්ෂා සහගත පුද්ගලයෙකි. ඔබගේ දෛව සටහනේ සාර්ථකත්වය ගැන ඉහලින්ම සදහන් වී ඇති නම් එම සිහින සහ අපේක්ෂා අනාගතයේ යථාර්තයක්ම වනු ඇත.

07 උපන් ලපය
මෙවැනි උපන් ලපයක් හිමිවන්නේ ත්‍යාගශීලී හා කරුණාබර හදක් හිමි අයටය. එසේම ඔබ තමන් කරන කාර්යයේ අවංකකම හා විශ්වාසනීයත්වය රැකෙන පරිදි කටයුතු කිරීමට වග බලා ගනී.

08 උපන් ලපය
උදරය මත ඇති මෙම උපන් ලප හැම අතින්ම වාසනාවන්ත ජීවිතයක් සංකේතවත් කරයි. ඔවුන්ගේ ජීවිතය සැහැල්ලුවෙන් ගලා යන්නකි. අවදානම් සහගත තත්වයක් අඩුය. ආරක්ෂිතය. උපන් ලපය ප්‍රමාණයෙන් කුඩා නම් මේ ගුණාංග තවත් ඉහල යයි.

09 උපන් ලපය
උදරයේ පහල කොටසේ ඇති මෙම උපන් ලපය හිමි තැනැත්තා ඉතාම සෞභාග්‍යමත් පුද්ගලයෙකු බව හගවයි. එයද ප්‍රමාණයෙන් කුඩා වන්නේ නම් වාසනා ශක්තිය විශාල වේ. එම උපන් ලපය තද පැහැය මෙන්ම පැහැදිලිව දැකගත හැකි එකක් විය යුතුය. නාභිය අසලින්ම පිහිටා තිඛෙ නම් ඔහු විශාල ධනවතෙකු වනු ඇත.

10 උපන් ලපය
පුරුෂයෙක්ගේ මෙම ස්ථානයේ උපන් ලපයක් පිහිටා ඇති නම් ඔහුට දරු සම්පතින් අඩුවක් නැත.

11 උපන් ලපය
පපු ප්‍රදේශයේ පිහිටා ඇති මෙම උපන් ලපයෙන් කියවෙන්නේ කීකරු දරුවන් ඔබ වෙත සතුට රැගෙන එන බවයි. එම නිසා ඔබට ආඩම්බර වීමට පුළුවනි.

12 උපන් ලපය
මෙම උපන් ලපය විශාල වාසනාවක් උදාකරනු ඇත. සැහැල්ලුවෙන් ගලායන ජීවිතයේ අනපේක්ෂිත වාසනාවන්ගෙන්ද අඩුවක් නැත. මෙම උපන් ලප යුගල ලෙස පිහිටා ඇත නම් ධනවත්, සෞභාගය සම්පන්න ජීවිතයකට හිමිකමි කියයි.

13 උපන් ලපය
පුරුෂයෙකුට මෙම උපන් ලපය පිහිටා ඇත්නම් ඔහුට සුන්දර බිරිදක් ලැඛෙයි. ස්ත්‍රියකට නම් කඩවසම් සැමියෙක් ලැඛෙනු ඇත. මෙම උපන් ලපය හිමි තැනැත්තා සුන්දර පෙනුමකට උරුමකම් ඇත්තෙකි.

14 උපන් ලපය
පුරුෂයෙකුගේ බාහුවෙ මෙම ස්ථානයේ උපන් ලපය පිහිටා තිබේ නමි සෞභාගය සංකේතවත් කරයි. එය බහුවෙ යටි පැත්තේ සැගවී මෙන් පිහිටයි නම් ඔබ ජීවිතයේ උසස් ස්ථානයකට පත්වේ. මෙවැනි උපන් ලපයක් හිමි කාන්තාවන් සිය දරුවන් මේ ලෝකයේ තිඛෙන ඉහලම ආරක්ෂාවත් ආදරයත් උරුමකර දීමට කැප වෙයි. ඇය වචනයේ පරිසමාර්ථ අර්ථයෙන්ම දරුවන් සමග බද්ධ වූ ආදර”ය මාතාවකි.

15 උපන් ලපය
උඩ බාහුවේ මෙතන පිහිටි උපන් ලපයෙන් කියවෙන්නේ ඕනෑම දෙයක් ලබා ගැනීමට බොහෝ වෙහෙස වී වැඩ කලයුතු බවයි. විශේෂයෙන්ම ඇග වෙහෙසා වැඩ කිරීමට සිදුවනු ඇත.

16 උපන් ලපය
වැලමිටේ ඇතුල් පැත්තට වන්නට මෙතන පිහිටා ඇති මෙම උපන් ලපය මගින් අදහස් කරන්නේ බොහෝ වෙහස වී වැඩ කලත් ඔබට නිසි පරිදි ප්‍රතිපලය ලබා ගැනීමට අපහසු බවයි. කාන්තාවකට මෙම උපන් ලපය හිමිනම් ඔබ මුදල් පිලිබදව විශේෂයෙන් සැලකිලිමත් විය යුතුය. අර පිරිමස්මෙන වියදම් කලයුතු අයකි. මහන්සියෙන් උපයාගත් මුදල් ක්ෂණිකව වැයවී යන කාරනා ඔබට සුලබව යෙදේ.

17 උපන් ලපය
අතේ යටි බාහුවේ යටි පැත්තට වන්නට පිහිටා තිඛෙන මෙම ලපයෙන් සංකේතවත් වන්නේ ජීවිත කාලය පුරාම ඔබ මුදල් සමග ගැවසෙන කෙනෙකු බවයි. ඔබ අතේ ගැවසෙන මුදල ඔබගේම මුදල් නොවන්නට පුළුවන. නමුත් ඔබ ප්‍රවේශම් විය යුතුය. අනතුරු අගවන උපන් ලපයකි මෙය.

18 උපන් ලපය
ප්‍රතිපත්තිගරුක බව අඩුවෙන් ඇති කාන්තාවන් අත්හි මෙම උපන් ලපය පිහිටා තිබේ. පමණ ඉක්මවා මුදල් වියදම් කිරීමේ දුර්ගුනයද ඇය සතුය. මැණික් කටුවේ ඇතුල් පැත්තට වන්නට පිහිටා තිඛෙන මෙම උපන් ලපය හිමි ස්ත්‍රි පුරුෂ සැම මුදල් වියදම් කිරීමට ආසා කරන අයයි. සැමවිටම ආර්ථික අතින් දුෂ්කරතාවලට මුහුණපෑමට සිදුවේ. පුණ්‍ය කටයුතු සදහා මුදල් දීමට පුරුදුවන්න. එමගින් අර්ථවත් දේ සදහා පමණක් මුදල් වයකිරීමට පුරුදු පුහුණු වනු ඇත. ඔබ ධනවත් මුත් ලැඛෙන අදායමට වඩා වියදම ඉහල යාමේ ස්වභාවයක් දිස්වේ. නමුත් මෙම උපන් ලපය පිහිටා ඇත්තේ දකුණු අතේ නම් එවැනි අය වෙත ධනය ගලා එන බවටද විශ්වාශයක් පවතී.

19 උපන් ලපය
පිරිමි අයගේ කලවය ඇතුල් පැත්තට වන්නට උපන් ලපයක් හෝ උපන් ලප කිහිපයක් පිහිටා ඇතිනම් උපතින් හිමිවන ධනයකට උරුමකම් කියයි. කාන්තාවගේ මෙසේ පිහිටයි නම් ඇය ස්වෝත්සාහයෙන්ම ධන වාසනාව උදාකර ගත යුතු බව පැවසෙයි.

20 උපන් ලපය
පාදයේ පහල කොටසේ පිහිටි මෙම උපන් ලපය සුබ ලකුණක් නම් නොවේ. මෙමගින් ජීවිතය අසීරු කාල පරිච්චේද සහ වියදම් හගවනු ඇත.

21 උපන් ලපය
පාදයේ මෙම කොටසේ පිහිටා ඇති උපන් ලප පුරුෂයන්ගේ පිහිටා ඇති නම් එමගින් සංකේතවත් කරන්නේ සතුට සහ සංචාරයයි. රැකියා සදහා දුර බැහැර ගමන් හෝ පිටරට යාමට සිදුවනු ඇත. උපන් ලපය තිතක් මෙන් කුඩා නම් සතුට පෙන්වයි. නමුත් එය කැළලක් මෙන් විශාල නම් එයින් අදහස් කරන්නේ එම සංචාරවලදී විවිධ ගැටළු මතුවිය හැකි බවයි.

NO COMMENTS

LEAVE A REPLY