10 Tips For Comfortably Sleep On a Hot Night

10 Tips For Comfortably Sleep On a Hot Night

384
0
SHARE
10 Tips For Comfortably Sleep On a Hot Night
10 Tips For Comfortably Sleep On a Hot Night

     මාර්තු අප්‍රේල් කියන්නේ උණුසුම අධිකම මාස දෙකක්. මේ කාලෙට අපිට රෑට නිදාගන්නත් බැරි තරමට රස්නයක් තියෙනවා. ඒ නිසා අපි බොහොම අපහසුවෙන් තමයි මේ මාස දෙක ගතකරන්නේ. හැම වර්ෂයකම ඇතිවන මේ තත්වයට හේතුව සූර්යා සමකයට ආසන්නව ගමන් කිරීමයි ඔයාල හැමෝම දන්නවා ඇති. ඉතින් අපිට ඒ සංසිද්ධිය වෙනස් කරන්න බැරි උනත් මේ අධික රස්නය අඩු කරගෙන ටිකක් සැනසිල්ලේ නිදාගන්න සරල ක්‍රම කිහිපයක් අපි අද විශ්ම ලෝකයෙන් කියල දෙනවා.



මොකද දවස පුරාම මහන්සියෙන් වැඩකරලා සැනසිල්ලේ නිදාගන්නවත් නැති උනොත් එක අපේ එදිනෙදා ජිවිතේ සියලුම දේට බලපානවා. වායු ගෝලයේ තියෙන රස්නය ඔයාගේ නිදන කාමරයටත් අඩුවක් නැතුව එනව නම් සහ ඔයාට වායු සමීකරණය යන්ත්‍රයකුත් නැත්නම් ඔයාගේ ශරීරයට අවශ්ය නින්ද හරියට ලැඛෙන්නේ නැහැ. අපි බලමු හොඳ නින්දක් ලබාගන්න ඔයාට මොනවද කරන්න පුළුවන් කියලා.

 

01. ඔබ දිනපතා ව්‍යායාම් කරන්න පුරුදු වෙලා ඉන්න කෙනෙක් නම් නිදාගන්න පැය කිහිපයකට කලින්වත් ව්‍යායාම් ටික කරලා ඉවර කරන්න.

සාමාන්යෙන් ඔබ වියායාම කරද්දී ශරීර උෂ්ණත්වය වැඩිවෙන අතර එය නැවත අඩුවීමට පැය කිහිපයක් ගත වෙනවා. ඒ වගේම ඔබේ ශරීරයේ අවශ්ය තෙතමනය ආරක්ෂා කර ගැනීම සඳහා අවශ්ය තරම් වතුර පානය කරන්න. ඒ වගේම ඇදේ පැත්තකින් වතුර වීදුරුවක් තියාගන්න.

02. නින්දට යන්න කලින් සාමාන්‍ය සීතල වතුරින් නාන්න හෝ ඇග සෝදන්න

නින්දට යන්න කලින් සාමාන්ය සීතල වතුරින් නාන්න. ගොඩාක් සීතල වතුරින් නෑවොත් ඔයාගේ ශරීරය ඇතුලතින් නැවත උණුසුම් වෙන්න උත්සාහ කරන නිසා උෂ්ණත්වය වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා සාමාන්ය සීතල වතුරින් නාන්න ඕන. අපේ අත් සහ දෙපා අපේ ශරීරයේ රේඩියේටර විදිහට ක්‍රියාකරනවා. නින්දට යන්න කලින් අත් සහ දෙපා හොදින් සේදීමෙන් ඔබේ ශරීරය තවත් සීතල කරගන්න පුළුවන්.

03. නිදාගැනීම සඳහා බිම් මහළේ ස්ථානයක් තෝරාගන්න

පොළවට ආසන්නයෙන් අඳුරු සීතල තැනක් නිදාගන්න තෝරාගන්න. ඔයාගේ නිදන කාමරය බිම් මහලේ සාදාගැනීම සැප නින්දකට ඉතා වැදගත්.

04උණුසුම ඇතිකරන මෙට්ට ආවරණ , ඇද ඇතිරිලි ඉවත්කරන්න.

සැහැල්ලු කොට්න් ඇඳ ඇතිරිලි සහ කොට්ට උර යොදාගන්න. ඒ කියන්නේ ගොඩක් ඝනකම ඇඳ ඇතිරිලි වල උණුසුම රැදෙනවා වැඩියි. ඒවා හොදයි සීතල දවස් වලට. මේ රස්නේ අධික කාල වල තුනී කපු ඇතිරිලි භාවිත කරොත් උණුසුම අඩු කර ගන්න පුළුවන්

05. මේ කියන්න යන දේ නම් ඔයාලට විහිළුවක් වගේ තේරේවි. ඒ වගේම මේක කරන්නත් ටිකක් අමාරු වැඩක්. රස්නේ ඉතාම වැඩිනම් ඔයාගේ රෑට අදින ඇදුම , කොට්ට කවරය, ඇඳ ඇතිරිලි සහ පොරවන ෂීට් නිදාගන්න මිනිත්තු 30කට කලින් ශිතකරණයේ දාලා තියන්න. මේ සදහා පොලිතින් බෑග් එකක් යොදා ගන්න. නැත්තම් කෑම වල සුවඳ රෙදි වලින් ඒවි. එහෙම විනාඩි 30ක් විතර ශීතකරණයේ දාලා තිබ්බාම පයක් විතර යනකම් ඒවාගේ සීතල තියෙනවා. ඔය නින්දට වැටෙනකම් ඔයාගේ ශරීරයේ උෂ්ණත්වය පාලනය කරන්න මේ දේවල් වලට පුළුවන්.

06.නිදා ගැනීමට පැයකට පෙර ඔබේ නිදන කාමරයේ ජනේලය ඇරලා තියන්න.

එමගින් වාතය සංසරණය වැඩිවන නිසා යම් කිසි සහනයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. එත් මුළු රෑම ජනේලේ ඇරලා තියන්න එපා. සාමාන්යෙන් පාන්දර 3 වගේ වෙන කොට වායුගෝලයේ උෂ්නත්වය අඩුම අගයට පැමිණෙනවා. ඒ සමගම ඔබේ සිරුරේ උෂ්ණත්වයත් අවම අගයකට එනවා. මේ නිසා ඔබ ජනේලයේ ඇරගෙන නිදාගත්තොත් එක් වරම සිදු වෙන උෂ්ණත්වය අඩු වීම නිසා ඔබේ ඛෙල්ල සහ මාංශ පේශීන් වල මස්පිඩු පෙරලීමක් වෙන්න පුළුවන්.

 

07. නින්දට යනවිට කොට්න් ඇඳුම් අඳින්න.

වඩාත් සුවදායී නින්දක් බලාපොරොත්තුවෙන් ඔයා ඇඳුම් නැතිව නින්දට ගියත් ඇත්තටම රස්නය අඩුකිරීමට වඩාත් සුදුසු වන්නේ කොට්න් ඇඳුම් ඇඳගෙන නින්දට යන එකයි.

08. ඔබේ දෑත් , කකුල් හා මුහුණ වරින් වර පිසදා ගැනීමට තෙත තුවායක් ඇඳේ පැත්තකින් තියාගන්න.

තෙත තුවායෙන් පිහිදලා තෙත පිටින්ම නිදා ගන්න එපා. වියලි තුවායකින් ඇගේ තෙත ගතිය ඉවත් කරගෙන නැවත නින්දට යන්න

09. ඔයාගේ අත්වල මැණික් කටුව දක්වා හරි නැත්නම් අතම හරි සීතල වතුර එකක තප්පර 30ක් තියාගෙන ඉන්න.

මොකද මැණික් කටුව ලගින් තමයි ඔයාගේ රුධිර සංසරණ පද්ධතිය මතුපිටට ලගින්ම තියෙන්නේ. ඉතින් අතේ මැණික් කටුව තප්පර 30ක් සීතල වතුර යට තියාගෙන හිටියම ඔයාගේ සම්පුර්ණ රුධිරයම කූල් වෙනවා.

10. කාමරය ඇතුළතින් තෙත රෙද්දක් හරි ලොකු තුවායක් හරි එල්ලා තැබීම මගින් කාමරය ඇතුළත උණුසුම අඩුකරගන්න පුළුවන්.

ඒ වගේම රෑට වතුර බේසමක් තියාගන්නත් පුළුවන්. රෑට විදුලි පංකාවක් ක්‍රියාත්මක වෙනවා නම් ඔයාගේ ඇගේ තෙතමනය ආරක්ෂා කරගන්න වතුර බේසමක් කාමරය ඇතුළතින් තියාගන්න එක ඉතාමත් වැදගත්.

උෂ්ණත්වය අඩු කර ගන්න තවත් පුංචි ක්‍රම ටිකක්

නිදන කාමරයේ දොර විවෘත කරලා තියන්න

ෆෑන් එක ඉස්සරහින් අයිස් වතුරේ පොගවා ගත් තුවායක් එල්ලා තියන්න.


රස්නේ නිසා රාත්‍රියේ ඇහැරුනොත් කෝට්ටේ අනිත් පැත්ත හරවා ගන්න, සාමාන්‍යයෙන් කෝට්ටේ අනිත් පැත්ත ගොඩක් වෙලාවක් ඔලුව තියන් හිටපු පැත්තට වඩා සීතලයි
නළල මත හෝ ඛෙල්ල මත අයිස් වතුරේ පොගවගත් කුඩා රෙදි කඩක් තබා ගෙන නින්දට යාම



වතුර දැමු කුඩා ිචර්හ බෝතලයක් ලග තියා ගන්න. රාත්‍රියේ අධික උණුසුම නිසා ඇහැරුනොත් ඔබේ ඛෙල්ල හා මුහුණට පොඩ්ඩක් වතුර ඉස ගන්න.


ඔබට ජය

Article and Picture Source –  wikihow.com

NO COMMENTS

LEAVE A REPLY