අද දින ඔබගේ කලදසාව 2015 මැයි 27 දින – Today lagna Palapala...

අද දින ඔබගේ කලදසාව 2015 මැයි 27 දින – Today lagna Palapala 2015.05.27

352
0
SHARE
Sinhala Lagna Palapala

මේෂ

රැකීරක්ෂා කටයුතුවලට යහපත් වුවද වියදම ඉහළ යන බව දක්නට ලැබේ. වෙළෙඳ ව්‍යාපාරවලින් සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකි අතර දුර ගමන් හේතුවෙන් වාසිදායක තත්ත්වයක් ගෙන දේ. වැඩිහිටියන් හා ඥාතීන්ගෙන් ආධාර උපකාර ලබයි. ගෘහ ජීවිතය යහපත්ය.


වෘෂභ

රැකියා කටයුතුවල නිරත අයට බාධාකාරී තත්ත්වයක් ගෙන දිය හැකි බව පෙනී යයි. ව්‍යාපාර කටයුතුවල නියුතු අයට ශුභදායක වන අතර, ආර්ථිකය යහපත්ය. වියදම් අධිකවන කටයුතු කිහිපයක් යෙදෙන බව පෙන්නුම් කරයි. ඔබගේ ණය මුදලක් ආපසු හිමිවන අද දින පෙම් සබඳතාවකට හිත ඇදී යයි.


මිථුන

ෙදෙනික කටයුතුවලදී වැඩි වෙහෙසක්, කැපවීමක් කිරීමට සිදු වේ. රැකියාවේ පසුබෑමක් දක්නට ලැබේ. මුදල් ගනුදෙනුවක් හේතුකොටගෙන පාඩු විඳීමට සිදුවන අද දින ඇසුරු කරන අය සමග මතභේද, ප්‍රශ්න මතු විය හැකි දවසකි. ගෘහ ජීවිතය පී්‍රතිමත්ය.


කටක

රැකියා කටයුතු නිසි පරිදි කරගෙන යාමට අ‍පොහොසත් වන අද දින ව්‍යාපාරික කටයුතුවලින් පාඩු සිදුවිය හැකි අතර, ආර්ථික අපහසුතා ගෙන දීමේ ප්‍රවණතාවක් පවතී. සවස්භාගයේ දී ගැටලු සහගත තත්ත්වයක් නිර්මාණය වන බව පෙනී යයි. ගෘහ ජීවිතය යහපත් ය.


සිංහ

මතෛක් කල් පැවති ආර්ථික ගැටලුවලින් මිදීමට හැකිවන අද දින රැකියාවේ කටයුතු සම්බන්ධයෙන් සතුටුදායක තත්ත්වයක් උදාවන බව පෙනී යයි. ව්‍යාපාරිකයන්ට වාසි ලබාගත හැකි අතර මිල මුදල් සම්බන්ධයෙන් වාසිදායකය.


කන්‍යා

රැකීරක්ෂා හා ව්‍යාපාර කටයුතුවල විශේෂ දියුණුවක් ඇතිවිය හැකි අද දින ආදායම් මාර්ගවල උසස් ප්‍රගතියක් පෙන්නුම් කරයි. විදෙස්ගතවීමට අදහස් කළ අයගේ අපේක්ෂාවන් ඉටුවිය හැකි අතර මතෛක් කල් පැවති අසහනකාරී තත්ත්වයන් දුරුවීමෙන් සිතට සහනයක් ගෙන දේ.


තුලා

රැකියා කටයුතුවල කාර්යබහුලතාවක් දක්නට ලැබෙන අද දින ව්‍යාපාරිකයන්ට පාඩු සිදුවිය හැකි බව පෙනී යයි. අධ්‍යාපන කටයුතුවලට යහපත්වන අතර සම්මුඛ පරීක්ෂණවල යෙදෙන අයට ශුභදායකය. අතපසුවීම් නිසා අනපේක්ෂිත ගැටලු ගෙන දිය හැකි දවසකි.


වෘශ්චික

බලා‍පොරොත්තු මුදුන් පත්වන අද දින මතෛක් පැවති කරදර බාධා නිමාවට පත්වේ. රැකියා ස්ථානයේ ප්‍රධානින්ගේ ප්‍රශංසාව හිමිවන අතර වෙළෙඳ ව්‍යාපාරිකයන්ට වැඩිදුර ලාභ ලබා ගැනීමට හැකිවන දවසකි. පවු‍ලේ වගකීම් තමන් වෙත යොමු වීම නිසා අවිවේකී බවක් පෙන්නුම් කරයි.


ධනු

ෙදෙනික කටයුතුවලින් උත්සාහයේ තරමට සාර්ථකත්වයක් ලබා ගැනීමට නොහැකි වනු ඇත. රැකියා කටයුතුවල පසුබෑමක් දක්නට ලැබෙන අතර වෙළෙඳ ව්‍යාපරිකයන්ට පාඩු ගෙන දෙන බව පෙනී යයි. ඉගෙනීමේ යෙදී සිටින සිසු සිසුවියන්ට යහපත් දවසකි. ගෘහ ජීවිතය යහපත්ය.


මකර

අනවශ්‍ය ඉක්මන්කාරී බවක් දක්නට ලැබෙන අද දින රැකීරක්ෂා ව්‍යාපාර කටයුතු සම්බන්ධයෙන් බලපෑ බාධක තුරන් වන අතර සුළු ධන ලාභයක් ලැබිය හැකි බව පෙන්නුම් කරයි. අන්‍යයන්ගේ උපදෙස්වලට අනුකූලව ක්‍රියා කිරීමෙන් පාඩු ගෙන දිය හැකි දවසකි. ගෘහ ජීවිතය පී්‍රතිමත්ය.


කුම්භ

වෙළෙඳ ව්‍යාපාරිකයන්ට සුවිශේෂී දියුණුවක් ගෙන දෙන බව දක්නට ලැබේ. රැකීරක්ෂා කටයුතුවලින් ශුභඵල ලබාගන්නා අද දින ආර්ථිකය යහපත් මට්ටමක පවතින අතර අධ්‍යාපනය හදාරණ සිසු සිසුවියන්ට තරග විභාගවලින් ජය අත්කර ගැනීමට හැකිවන දවසකි.


මීන

ස්වයං රැකියාවල නියුතු වූවනට ජංගම වෙළෙඳාම්වල යෙදී සිටින්නන්ට ශුභදායක දවසකි. රැකීරක්ෂා කටයුතුවල දියුණුව පෙන්නුම් කරන අතර, විවිධ තරාතිරමේ අය අතර සම්බන්ධකම් පැවැත්වීමට අවස්ථාව උදා වේ.

ලෙස්ලි ජයසිංහ – රද්දොළුගම නිවාස

NO COMMENTS

LEAVE A REPLY