අද දින ඔබගේ කලදසාව 2015 මැයි 28 දින – Today lagna Palapala...

අද දින ඔබගේ කලදසාව 2015 මැයි 28 දින – Today lagna Palapala 2015.05.28

509
0
SHARE
ada-dawase-lagna-palapala-2015-05-28.jpg

මේෂ

රැකියා අපේක්ෂකයන්ගේ බලා‍පො-රොත්තු ඉටුවේ. රැකියාවල නියුතු අයට යහපත්ය. ආයතන ප්‍රධානීන්ගේ අනුග්‍රහය ලැබෙන අතර ව්‍යාපාර කටයුතුවල දියුණුව සඳහා අඩිතාලමක් වැටෙන බව පෙන්නුම් කරයි. ගමන් බිමන්වලින් සාර්ථක ප්‍රතිඵල ගෙනදේ.

වෘෂභ

ඔබේ වැඩකටයුතු සම්බන්ධ පෙරට වඩා කිසියම් මට්ටමක උනන්දුවක් ඇති කරයි. රැකීරක්ෂා සම්බන්ධයෙන් යහපත් තත්ත්වයක් පෙන්නුම් කරන අතර ව්‍යාපාරික කටයුතුවල පසුබෑමක් දක්නට ලැබෙන අද දින අවහිර මධ්‍යයේ තම අරමුණු ඉටුකර ගැනීමට ඉඩකඩ සැලසෙන දවසකි. පවු‍ලේ ප්‍රීතිය උදාකෙරේ.

මිථුන

රැකීරක්ෂා කටයුතුවල සාර්ථකත්වයක් දක්නට ලැබෙන අද දින ව්‍යාපාරිකයන්ට වාසි සැලසේ. ආර්ථිකය යහපත්ය. නීති ප්‍රශ්නවලින් ජය ලබාගත හැකි අතර හිතවතුන්ගේ ආධාර, උපකාර ලබාගත හැකි දවසකි. පවු‍ලේ සමගිය වර්ධනය වේ.

කටක

මිල මුදල් ගනුදෙනුවක් හේතු කොටගෙන පාඩු විඳීමට සිදුවිය හැකි අද දින බලා‍පොරොත්තු රහිත වියදම් ගෙනදෙන බව පෙනී යයි. ආර්ථික අපහසුතාවන්ට මුහුණ දීමට සිදුවන අතර අලුත් ආදායම් මාර්ග කෙරෙහි උනන්දුවක් දක්වන බව දක්නට ලැබේ. ජල ආශ්‍රිත රැකියාවල නියුතු අයට විශේෂ වාසි ලබාගත හැකි දවසකි.

සිංහ

කරදරකාරී වාතාවරණයෙන් මිදී සිතට කරදරයකින් තොරව තම සතු වගකීම් ඉටු කිරීමට හැකිවන අද දින රැකීරක්ෂා හා ව්‍යාපාර කටයුතුවල උසස් ප්‍රගතියක් පෙන්නුම් කරයි. ආදායම් තත්ත්වය සතුටුදායක වන අතර ගෘහ ජීවිතය වාසනාවන්තය.

කන්‍යා

රැකියා බලා‍පොරොත්තු වූ කන්‍යා ලග්න හිමියන්ගේ පැතුම් ඉටුවිය හැකි අද දින තම රාජකාරි කටයුතු සාර්ථක කරගෙන යෑමට හැකිවන අතර වෙළෙඳ ව්‍යාපාරිකයන්ට වාසි සැලසේ. ආර්ථිකය යහපත්ය. කෙටි ගමන් බිමන්වලදී සහන රැසක් හිමිවන බව පෙනී යයි. ගෘහ ජීවිතය ප්‍රීතිමත්ය.

තුලා

රැකියා ස්ථානයේ සාර්ථකත්වය ඇතිවේ. ආර්ථිකය සතුටුදායකය. ව්‍යාපාරික කටයුතුවල ප්‍රගතියක් දක්නට ලැබෙන අද දින කරන කියන කටයුතුවලින් යහපත් ප්‍රතිඵල බලා‍පොරොත්තු විය හැකි දවසකි. ඔබගේ දරුවන්ට යහපත් ප්‍රතිඵල ගෙනදේ. යුගදිවිය ප්‍රීතිමත්ය.

වෘශ්චික

ආයතන ප්‍රධානීන් සමග කටයුතු කිරීමේදී තරමක් විමසිලිමත් විය යුතු දවසකි. ව්‍යාපාරිකයන්ට වාසි සහගත තත්ත්වයක් උදාවන අතර ආර්ථිකය යහපත් වුවද වැයපස පාලනය කිරීම තරමක් අසීරු වන අතර නිවසේ පරිසරය තුළ සිත කලකිරවන සිදුවීමක් මතුවීමේ ප්‍රවණතාවක් පවතී.

ධනු

රැකියා කටයුතුවලදී මානසික නොසන්සුන්තාවයක් පැන නැගීමේ ප්‍රවණතාවක් පවතින බව පෙනී යයි. ව්‍යාපාරිකයන්ට වාසි සැලසෙන අද දින ආර්ථිකය සතුටුදායක වන අතර උසස් අධ්‍යාපන කටයුතුවල නියැළෙන අයට සුබදායක බව පෙන්නුම් කරයි. ගෙදරදොර කටයුතු යහපත්ය.

මකර

රැකියා කටයුතු සඳහා දැඩි උනන්දුවක් දක්වන අද දින ව්‍යාපාරවල යෙදී සිටින අයට සුබදායකය. ආර්ථිකය සතුටුදායක මට්ටමක පවතින අතර මතෛක් පැවැති බාධා අවම වනු ඇත. මුදල් ගනුදෙනුවලදී රැවටිලිවලට අසුවීමට බොහෝදුරට ඉඩකඩ ඇති දවසකි. ගෘහ ජීවිතය යහපත්ය.

කුම්භ

තම බලා‍පොරොත්තු සාර්ථකත්වයට පත්වන අද දින රැකියා කටයුතුවල යහපත් ප්‍රගතියක් දක්නට ලැබේ. ආදායම් තත්ත්වය සතුටුදායක මට්ටමක පවතින අතර වෙළෙඳ ව්‍යාපාරිකයන්ට සුබදායක බව පෙන්නුම් කරයි. ගෙදරදොර වටපිටාව ප්‍රීතිදායක තත්ත්වයට පත්විය හැකි දවසකි. පවු‍ලේ සමගිය වර්ධනය වේ.

මීන

අද දින වෙළෙඳ ව්‍යාපාරිකයන්ට ලාභ ලබාගත හැකි බව පෙන්නුම් කරන අතර රැකීරක්ෂා, තනතුරුවල සුබවාදී තත්ත්වයක් දක්නට ලැබෙන අද දින අයවැය සමබරව පවත්වා ගැනීමට අපහසු වෙතත් ආදායම් තත්ත්වය යහපත් වනු ඇත. ගෙදරදොර වාද විවාද, මත ගැටුම් ගෙනදිය හැකි දවසකි.

ලෙස්ලි ජයසිංහ – රද්දොළුගම නිවාස

NO COMMENTS

LEAVE A REPLY