මං ගෑනියක් වුණෙ එයා අතින්..එදා ගෙදරට හොරෙන් තානායමට ගිය ගමනෙදි මම ගොඩක්...

මං ගෑනියක් වුණෙ එයා අතින්..එදා ගෙදරට හොරෙන් තානායමට ගිය ගමනෙදි මම ගොඩක් සතුටු වුණා | true love story sri lanka

732
0
SHARE
Love-Story-Kandy
Love-Story-Kandy

 

අද අපි ඉන්ටර්නෙට් එකේ ෆේස්බුක් සමාජ ජාලයේ සමහර නිවුස් දකිනවා. ආදරේට පිහියෙන් ඇනපු කතා. බෙල්ල වැළදාපු කතා එහෙම නැත්නම් වස බීපු කතා අහන්න ලැබෙනවා.

මෙහෙම වෙන්නේ ආදරේ අහිමිවීම දරාගන්න බැරිකම නිසාලූ. ඒත් එයාලා අවුරුදු දෙක තුනක ආදරය කළ කොල්ලෙක් නිසා තමාව පුංචි කාලේ ඉඳලා අතපය නොකඩා හදා වඩා ගන්න දහදුක් විඳපු අම්මා අප්පච්චිගේ ආදරේට ලොකු වේදනාවක් ගින්දරක් දීලා ජීවිතේ නැති කරගන්නවා.

ජීවිතේ හරියට රේස් එකක් වගේ නගෝ දුවන්න’ ඕන ඒකීට පේන්න ඕන දිනුම් කණුව විතරයි.

දුවන දිවිල්ලෙදි හූ කියන්නේ කව්ද හුරේ දාන්නේ කව්ද කියල බලන්න නැවතුණොත් උඹට වෙන්නේ පරදින්න.

ගිනි ගහන සෙයිලමේ උඹ තටු ගහනකොට මොනර කුරුල්ලො උඹට ලංසු තියති, රට්ටු උඹට හූ කියති, හිතවත්තු හුරේ දමති. ඒත් ඔට්ටු දාලා වෙට්ටු දාන්න හදන සත්තුන්ට කිට්ටු කරන්වත් ඉඩදෙන්න එපා. රත්මලාන කර්මාන්තපුරේ රැකියාව කළත් ජීවිතේ වටිනාකම වටිනා විදිහට ගත්තු ඇය නිශාදි. ඇයගේ ජීවිතේ තුළ කොළඹ ආපු නංගිලාට එන්න හිතාගෙන ඉන්න අක්කලාට ඉගෙන ගන්න යමක් තියෙනවා.

අපි ලියන ඔබ කියවන මේ කතාපෙළ කියවනකොට ඔබේ හිතට ප‍්‍රශ්නයක් නැඟනවා ඇති. කොළඹ එන කෙල්ලෝ මේ තරම් නැති නාස්ති වෙනවද කියලා.

ප‍්‍රශ්නෙට උත්තරේ කිව්වොත් සීයට හැත්තෑපහක් පමණ යම් අවදානමකට මූණ දෙනවා සමහර කතා රටට ලෝකෙට හෙළි උණාට හුඟක් කතා එළි නොවිලාම හැංගෙනවා.

ඒ අතරේ ජීවිතේ දිනනවුන් නැතුව නෙවෙයි. අද අපට හමුවුණ නිශාදි කියන විදිහට ඇය දිනන්න සූදානම්. අපි අහමු ඇයගේ කතාව.

නිශාදි සුන්දර යුවතියක්. දිගු වරලස ඇයගේ මුහුණ තවත් සුන්දර කරලා තිබුණා. ජීවිතේ බොහොම සරල විදිහට ගෙවාලන බවට සාක්ෂි සාධක රැසක් ………. ඇයගේ ඇවතුම් පැවතුම් බොහොම නිස්කලංකයි කියලා මට හිතුණා.

‘‘නිශාදි කොහොමද නංගි ඔයාට’’

‘‘වරදක් නැ මිස් හොඳින් ඉන්නවා’’

ඉතින් කියන්නකෝ කොහේද නංගියේ ගම් පළාත. ඇය නැවතිල්ලේ සිනාසෙයි. මගේ ගම නුවර. අම්මයි, අප්පච්චියි, අක්කයි ඉන්න පවුලේ මම දෙවැනියා. මල්ලී කෙනෙක් හිටියා එයා පුංචි කාලෙදිම නැති වුණා. අක්කා නම් කසාද බැඳලා ගිහින් දැන් දරුවෝ දෙන්නෙකුත් ඉන්නවා. අප්පච්චි නම් ටිකක් දැන් වයසයි. ඒ නිසා ලෙඩගානේ ඉන්නේ. අපි මහා ලොකු වත්පොහොසත්කම් තියෙන අය නොවේ. මිස් එත් අපිට එහෙමට කියන්න අඩුපාඩුකම් තිබුණෙත් නෑ. මම ඉගෙන ගත්තේ අපොස සාමාන්‍ය පෙළ දක්වා විතරයි. ඉන් එහාට යන්න මට ඒ හැටි උනන්දුවක් තිබුණෙත් නෑ. අම්මා අප්පච්චි උනන්දු කළෙත් නෑ. ගෑනු ළමයින්ට ඒ හැටි ඉගෙන ගන්න ඕන නෑ කියලයි අම්මා නම් කිව්වේ.’

‘‘ඇයි නිශාදි කොළඹ ආවේ ඔයාට තිබුණනේ අක්කාවගේ කසාද බැඳලා ගෙදරින් පිටවෙන්න’’ ‘‘නෑ මිස්. වත්පොහොසත්කම්වලින් මිල මුදල්වලින් අඩුවක් නැතත් කසාදෙකට හිතහදා ගන්න පුළුවන්කමක් මට තිබුණේ නෑ’’

‘‘ඒත් ඇයි.. නංගි ඒ’’
‘‘ඒක දිග කතාවක් මිස්’’

මම දන්නා අඳුරණ කෙනෙක් හිටියා. අපේ ගෙවල් කිට්ටුව. එයාගේ නම සුමේධ. අපි දෙන්නා අතරේ හිතවත්කමක් තිබුණා. මම සුමේධව අදුරගත්තේ පුංචිකාලේ ඉඳලා. ඒ හිතවත්කම ඇඳුරුම්කම ආදරයකට පෙරළුණේ මම වැඩිවියට පැමිණුනාට පස්සේ ඉඳලා. එතකොට මගේ වයස අවුරුදු දාහතරක් විතර. අපි කෑවේ බිව්වේ සෙල්ලම් කළේ ඔක්කොම එකට.

සුමේධගේ ගෙදර උදවිය අපේ ගෙදරත් එක්ක බොහොම හිතවත්වෙලා හිටියා. එකම ඉස්කෝලේ ඉගෙන ගත්තු අපි දෙන්නා වෙන්වෙලා ගියේ නිදාගන්න ? ඩිංගට විතරයි. ඇත්තටම සුමේධ මගේ හෙවණැල්ල වගේ වුණා. අපේ සම්බන්ධෙ ගෙවල් දෙකෙන්ම දැනගෙන හිටියා, එයාලා ඉගෙනීමේ වැඩ ඉවරවෙලා අපිව කසාද බන්දන්නයි හිටියේ.

අපේ සම්බන්ධෙ මුළු ගමම දැනගෙන හිටියා. සුමේධයි මමයි අතරේ තියෙන සම්බන්ධෙ කොයි තරම් දුර ගියාද කිව්වොත් මුළු ගමම ඒ ගැන දැනගෙන හිටියා. ඇත්තටම මිස් මම ගෑනියක් වුණෙත් සුමේධ අතින් ඒ ගැන හිතන්න කනගාටුවෙන්න හේතුවක් මට තිබුණේ නෑ. එදා ගෙදරට හොරෙන් තානායමට ගිය ගමනෙදි මම ගොඩක් සතුටු වුණා. ඒ සුමේධ මගේම වුණ එක ගැන හිතලා.

ඒත් මම මගේම කියලා හිතාගෙන හිත රවට්ටගත්තා නේද කියලා මම තේරුම් ගන්නකොට හුඟක් පරක්කු වැඞී. සුමේධ මා එක්ක හුඟවෙලාවට අඹුසැමියෝ වගේ හිටියා. අවුරුදු හයක් ගෙවිලා ගියා. ඒත් කාලයක් යනකොට සුමේධ මාව මග අරින්න පටන් ගන්න බවක් මට තේරුණා. මාව බලන්න එන එක එයා අඩුකළා. මුණ ගැහෙන එක මග ඇරියා. මට කියන්න අමතක වුණා සුමේධ ඔය කාලෙදි රස්සාවකට ගියා. එයා වැඩ කළේ බැංකුවක රටේ පිළිගත්තු බැංකුවක.

රස්සාව නිසා එයාට වැඩ වැඩි ඇති ඒ නිසා මාව බලන්න එන්න වෙලාවක් නැතිව ඇති කියලා මට හිතුණා. රස්සාව කරලා මහන්සි වෙලා එන සුමේධව මහන්සිකරන්න මට ලෝභ හිතුණා. ඒ නිසා එයා මාව බලන්න එනවා වෙනුවට මම එයාව බලන්න ගියා.

ඒත් සුමේධ විතරක් නොවේ. සුමේධගේ අම්මාත් වෙනස් වෙලා මට හරියට මූණ දෙන්නේ නෑ කියලා මට තේරුණා. මොකක්දෝ ලොකු විනාශයක් අතළඟ වගේ දැනුණත් මම කිසිම දෙයක් හිතට ගත්තේ නෑ. කාලය ගෙවිලා ගියා හුඟවෙලාවට සුමේධ බලන්න එයාගේ ගෙදරට යන මට එයාලගේ සාලෙට වෙලා තනියම වාඩිවෙලා ඉඳලා ගෙදර එන්න සිද්ධ වුණා.

සුමේධ කාමරේට වෙලා හිටියා. ඒකට නිදහසට කාරණා තිබුණා ඒ තමයි එයාට වැඩ වැඩිවීම. ඒත් දවසක් මම එයාගේ ගෙදරට යනකොට මට එයාගේ ගෙදරදී කෙනෙක්ව මුණ ගැහුණා. එයා සුමේධගේ ඔෆිස් එකේ ගෑනු ළමයෙක්. සුමේධගේ අම්මා එයාට කතා කළේ හිනාව පුරවගෙන.

සුමේධ වුණත් එහෙම තමයි. ඒ ගෑනු ළමයට සුමේධ මාව හඳුන්වලා දුන්නේ එයා විවාහ වෙන්න ඉන්න කෙනා විදිහට නෙවෙයි අඳුරණ කෙනෙක් කියලා විතරයි. එදා සුමේධමයි ඒ ගෑනු ළමයාව එයාගේ ගෙදරට ඇරලන්න කියලා එක්ක ගියේ මම ඇවිත් ඉන්නවගක්වත් සුමේධට දැනුණේ නැති ගානට ඒ ගෑනු ළමයාව එයා එයාගේ වාහනේ දාගෙන ගියා.

ඒ ගැන අහලා දැනගන්නවත් කියලා පැහැදිලි කරන්නවත් සුමේධගේ අම්මා මට මූණ දුන්නේ නෑ. මම මෝඩයෙක් නොවෙයි මිස්. වෙන්න යන හැමදේම තේරුම් ගන්න මට පුළුවන් කම තිබුණා. ඒත් ගෑනියක් විදිහට මම කොහොමද සුමේධව අතැරෙන්න දීලා අහක බලාගන්නේ.

මම ගෙදර ඇවිත් අඬනකොට මගේ අම්මා අප්පච්චි මේ ගැන අහන්න සුමේධගේ ගෙදර ගියා ඒ ගිය ගමනෙදි අප්පච්චි ගෙදර ආවේ බොහොම හිතේ අමාරුවෙන්.

මට එයාව අමතක කරන්න වෙන බව මම තේරුම් ගත්තා මිස් මගේ ජීවිතේ හෙවණැල්ල වගේ හිටපු සුමේධව පුංචි කාලේ ඉඳලා මං එක්ක හුස්මගත්තු සුමේධව මට අමතක කරන්න පුළුවන්ද, එයාව තව කෙනෙකුට අයිති වෙන්න අරින්න පුළුවන්ද ඒ ගැනත් කිසිම හේතුවක් නැතිව මාව අතැරපු සුමේධගෙන් ඇයි මාව ඇතැරියේ කියලා දැනගන්න මට අයිතිවාසිකමක් නැද්ද?

මේ හැමදේම තිබුණා මිස් ඒත් කොහොමද මම ආදරේ කරපු කෙනා වෙනුවෙන් මගේ අම්මා, අප්පච්චිට වේදනාවක් දෙන්නේ.

මම දැක්කා මගේ අප්පච්චි මම නිසා උහුලන ගින්දර. එයාලා හිතුවේ මම ජීවිතේ නැතිකර ගනිවී කියලා. මගේ අප්පච්චි බොහෝම වේදනාවෙන් ජීවත්වෙන බව මම තේරුම් ගත්තා.

මිස් මගේ වේදනාව මගේ අම්මාගේ අප්පච්චිගේ වේදනාව තරම්. වැඩක් නෑ මිස් මට. කෙනෙකුට ඉවසගන්න බැරි තත්ත්වයක දී වුණත් මම ඒ හැදේම ඉවසගත්තා. ඒ කවුරුවත් නිසා නෙවේ පුංචි කාලේ ඉඳලා මං වෙනුවෙන් දහදුක් විඳපු අම්මයි අප්පච්චියි නිසා.

සුමේධ අර ගෑනු ළමයාව කසාද බැන්ද මම කර්මාන්ත පුරේ රස්සාවට ආවා. මට ඕන වුණා සුමේධ නිසා වද විඳින ජීවිතේ හදාගන්න. මම කෙල්ලක් නොවේ කියලා ගෙදර අය දන්නේ නෑ සුමේධ මට කළ වෙනස්කම අපරාධය එක්ක තවදුරටත් ලෝභකම් කරන්න සුමේධගේ ඇති වටිනාකම මොකක්ද කියලා හිතලා හිත හදාගන්න මම පුරුදු වුණා.

කොළඹ ආව මට ප‍්‍රමුඛ පෙළේ ගාමන්ට් එහෙක ජොබ් එක ලැබුණා. ඇත්තටම කවදාවත් මම පිට තැනක ඉඳලා නෑ. ජීවිතේ පළමු වෙනි වතාවට අම්මා තාත්තාගෙන් වෙන්වෙලා කොළඹ ආවාට මොකද කිසිම දෙයක් අමතක කරන්න ලෙහෙසි වුණේ නෑ.

මම නැවතිලා හිටිය කාමරේ ගෑනු ළමයි ගොඩක් හිටියා හැමෝම ඇවිත් තිබුණේ නැතිබැරි කමට කීයක් හරි හම්බකරගන්න. ගෙදර තිබුණ දුප්පත්කමට පිළිතුරු හොයාගෙන කසාද බදිනකොට ගෙනියන්න රත්තරංබඩු ටික හදාගන්න, ඒත් මම ආවේ සුමේධ නිසා විනාශ වුණු මගේ හිත හදාගන්න හිතාගෙන. කාලයක් යනකොට හැමදේම මට ටික ටික අමතක වුණා. අම්මා අප්පච්චිගේ තිබුණ ගින්දර නිවලා හැමදේම අමතක කරලා ජීවත් වෙන්න මට පුළුවන් වුණා. අවුරුදු කිහිපයක ආදර සම්බන්ධයක් නිසා මාව ජාතක කළ අප්පච්චිට වදාපු අම්මාට දුකක්. ගින්දරයක් දීලා බෙල්ලේ වැල දාගන්න අපරාධය කරනවා වෙනුවට ජීවිතේ ජීවත්කරවන්න මට පුළුවන් වුණා.

ඇත්තටම සුමේධ නිසා මම ගෑනියෙක් වුණා කියලා ඒ මත්තෙම නැහිලා අම්මා අප්පච්චිගේ අහිංසක වටිනා ආදරේට ගින්දර දෙන්න මට ඕන වුණේ නෑ මිස්. එදා මම මරුණ නම් මාව සුමේධට නැති වුණ එක ප‍්‍රශ්නයක් වෙන්නේ නෑ. එයා වෙන කසාදයක් අපූරුවට කරගනී. ඒත් මගේ අම්මා අප්පච්චි එයාලට දුවෙක් නැතිවුණ අඩුව මුළු ජීවිත කාලෙදිම තියෙයි.

අපේ අප්පච්චි, මාවයි අක්කවයි ඇති දැඩි කළේ මල්පැළයක් රකින්නා වගේ බොහොම ආදරෙන් ඒ ආදරේට ගුණමකු වෙන්න මට පුළුවන් කමක් නෑ මිස්.
ඇත්තටම මමත් දුරදිග හිතන්නේ බලන්නේ නැතිව සුමේධ එක්ක තානායම් ගානේ යන වරද කළා තමයි. ඒ දේවල් එහෙම වුණා කියලා ජීවිතේ නැතිකරගන්න තරම් මම ගුණමකු දරුවෙක් නෙවෙයි.

කොළඹ ආවට පස්සේ මගේ ජීවිතේ වගකීමෙන් හැමදේම මම බාරගත්තා. ඔය කාලෙදි මම මැෂින් ඔපරේටර් කෙනෙක් විදිහට හොඳ පුහුණුවක් ආයතනය තුළින්ම ලැබුවා.

දැන් මම සුපවයිසර් කෙනෙක් විදිහට වැඩකරනවා.
නංගිට කොළඹදී කවුරුවත් මුණ ගැහුණේ නැද්ද?

අපෝ මුණ ගැහුණා. එයා හමුදාවේ කෙනෙක්. එයා මං ගැන බලාපොරොත්තුවෙන් ඉන්නවා කියලා මට දැනුණා. හමුදාවේ කිව්වට එයා දැන් හමුදාවෙන් අයින් වෙලා.

මම එයාව දැන, අඳුරගත්තට මට ලොකු හැඟීමක් එයා ගැන තිබුණේ නෑ. එත් මිස් මමත් මනුස්සයෙක්නේ යම් හැඟීමක් මට එයා ගැන තිබුණා මම මගේ ජීවිතේ හැමදේම එයාට කියන්න ගියේ නෑ. සුමේධ එක්ක තිබුණ සම්බන්ධෙ විතරක් කිව්වා. ඒත් සුමේධ නිසා මම ගෑනියෙක් වුණ බව කිව්වේ නෑ. මොකද සුමේධ මගේ පුංචි කාලේ යාළුවා මාව හොඳටම දන්නකෙනා මාව රැවට්ටුවා නම් ධනංජය වගේ කෙනෙක් මට මොනවා නොකරාවිද කියලා මට හිතුණා. ඒ නිසා මම ධනංජයට හැමදේම කියන්න ගියේ නෑ. කොහොම වුණත් මම ධනංජය ගැන හිටියේ සැකෙන්. එයා එක්ක ගිය හැම අඩියක්ම මම තිබ්බේ සැකෙන්. එයා ගමන් ගියේ කාර් එකෙන්. ඒ කාර් එක එයාගෙමද කියන ප‍්‍රශ්නය පවා මට තිබුණා.

දවසක් එයා මට කතා කළා ඇවිදින්න යන්න මමත් ගියා එයා මාව එක්ක ගියේ පන්සලකට ඒ ගිහින් එන ගමනෙදි එයාගේ යාළුවෙකුත් අපිට එකතු වුණා. ධනංජය මගෙන් ඇහුවා ඩිනර් එක අරගෙන යමුද කියලා. මම එහෙම තැන්වලට යන්න කැමති වුණේ නෑ. ඒ නිසා මම කිව්වා මාව බෝඩිමට දාන්න කියලා. ඒත් ධනංජයට මම කියන දේ අහන්න වුවමනාවක් තිබුණේ නෑ. එයා පන්සලට ගිහින් එන අතරමග තැනක වාහනේ නතරකරලා අර යාළුවත් එක්ක බොන්න පටන් ගත්තා.

ඇත්තටම පන්සල් ගිහින් වැඳලා පුදලා එන ගමනේදී බෝතලයක් බදාගන්න එක ගැන මට තිබුණේ අප්පිරියාවක්.

ඒත් මම ඒ බව පෙන්නුවේ නෑ.

ඒ ගමනේදී ධනංජයගේ යාළුවා මා එක්ක කතාවට ආවා. ඒ වෙලාවේදී ධනංජයගේ පවුලේ උදවිය ගැන එයාගේ වත් පොහොසත් කම් ගැන, නොයෙකුත් දේවල් ගැන මට කිව්වා එහෙම කියලා කිව්වා එයාව ලබාගන්න නම් මට ලොකු කැපකිරීමක් කරන්න වේවි කිව්වා.

මම අහගෙන හිටියා. ඒ අතරම යාළුවා කිව්වා. ධනංජය ආස කරන ලයිෆ් එක එයාට දෙන්න කියලා. ඒත් ඒ මොකක් ගැනද කතා කරන්නේ කියලා මට මුලින් තේරුණේ නෑ

ඒත් ටික වේලාවක් කතා කරගෙන යනකොට මට තේරුණා මේ දෙන්නගේ අරමුණ තියෙන්නේ මගේ ඇඟපතට කියලා. ආදරේට මුවා වෙලා වලත්තකම් කරන්න හදන ධනංජයයි එයාගේ යාළුවගෙයි බලාපොරොත්තුව තේරුම් ගන්න මට වැඩි වෙලා ගියේ නෑ.

මුළු පාරේ පේන මානේ කව්රුවත් නැ. වාහනේ නතරකරලා තිබුණේ ගඟ ළඟ ඉව්රේ ගහක් යට මං හිතන්නේ ඒක බොල්ගොඩ ගඟ වෙන්න ඕන. ධනංජය විතරක් නෙවේ. එයාගේ යාළුවගෙත් අවශ්‍යතාවක් ගැන මට ඉවදැනෙන්න ගත්තා. මම වාඩිවෙලා හිටපු සීට් එක පැත්තේ තිබුණේ ගහක් ඩ‍්‍රයිවින් සීට් එක පැත්තේ ධනංජයයි එයාගේ යාළුවයි. බිබී හිටියා. මෙයාලා මාව කොටුකරගෙන වගේ කියලා මට දැනුණා. ඒ වගේම ධනංජයගේ වාහනෙත් ඒ ඇවිත් හිටිය යාළුවගේ කියලා මට දැනුණා.

ඒ කතාබහ වලින් මට දැනුණා දෙන්නගේ අරමුණ තේරෙන්න තේරෙන්න මම හිටියේ ගිනි ගොඩක. ඒත් කොහොමද මිස් මම වගේ කෙල්ලෙක් පිරිමි දෙන්නෙක්ගෙන් බේරිලා යන්නේ.

මගේ පැත්තේ දොර අරින්න බෑ ඒක ගහකට කවර් වෙලා. ඒත් මම හිත පාලනය කරගත්තා. මේ උගුලෙන් බේරෙන්න හිත ශක්තිමක් කරගත්තා. පාර දෙපැත්තේ බැලූවත් පේන මානෙක කව්රුත් නෑ. මම ධනංජයට වෙනසක් පෙන්නුවේ නෑ. මම වැටිලා ඉන්න අමාරුවෙන් බේරෙන්න හිතාගත්තු මම කලබලයක් නැතිව කිව්වා නිදහස් තැනකට යමු කියලා.

මම නිදහස් තැනකට යමු කියන වචනේ කියනකොට මිස් එයාල ඒක එයාලට වාසිවෙන විදිහට තේරුම්ගත්තා.

මම එයාලගේ යෝජනාවට කැමති වුණා කියලා එයාලා හිතුවා. මම හිනාවෙලා හිටියා හිතේ තියෙන අවුල එයාලට නොදැනෙන්න සතුටෙන් හිටියා. මම නිදහස් තැනකට යමු කිව්වම දෙන්නම බොහොම වුවමනාවෙන් මං එක්ක ආවා.

ඇත්තටම මිස් මට වුවමනා වුණේ මම වැටුණ වළෙන් ගොඩ එන්න. පාළු ගඟ අයිනෙන් මෙහාට ඇවිත් වැටෙන්න යන කරදරෙන් ගොඩඑන්න. මම හිතපු විදිහටම එයාල කාර් එක ගාලූපාර පැත්තට අරගෙන ආව. ඒ එන ගමනෙදී එයාල කියන කියන දේ කරන්න බොහෝම ආසවෙන් මම ඉන්න බව එයාලට මම පෙන්නුවා.

ඒ හැමදේම අතරෙදී පැනල යන්න පාරක් මම හොය හොය හිටියා. එයාලට මං ගැන සැකයක් තිබුණේ නැ. බීල බීලා අවසිහියෙන් වගෙයි දෙන්නා හිටියෙ. ගාලූපාරට ආවාට පස්සේ මට වතුර ටිකක් බොන්න ඕන කියලා කිව්වා වාහනේ කඩයක් ළඟ නතර වුණා.

අනේ මිස් ඒ වෙලාවේ ධනංජයගේ යාළුවා කඬේට ගියා ලැබුණ අවසරයෙන් මමත් කාරෙකේ දොර ඇරගෙන ආයේ හැරිලා බැලූවේ නෑ. පාර මාරු වුණා. එදා ගාලූපාර දිගේ එහා මෙහා යන වාහන කොහොම නැවතුණාද කියලා මට හිතාගන්න බෑ. කොහොම වුණත් මම පාර මාරු වෙලා යන ත‍්‍රිවිල් එහෙක නැගගෙන පැනගත්තා. ධනංජය මට කතාකරනවා මට ඇහුණා. ඒත් පස්ස හැරිලා බලන්න නොවේ දුවන්නයි මට ඕන වුණේ. එදායින් පස්සේ ධනංජය මාව හමුවෙන්න උත්සාහ කළා මට නැති නාස්ති වෙන්න ඕන වුණේ නෑ. මගේ ජීවිතේ ? වැටුණ වළේ දවල් වට්ට ගන්න වුවමනා වුණේ නෑ. එදා මම බෝඩිමේ අක්කට හැම විස්තරේම කිව්වා.

කොහොම වුණත් ධනංජය කියන්නේ කෙල්ලන්ව යාළු කරගෙන එක එක සල්ලාලයන්ට විකුණන මිනිහෙක් කියලා මම දැනගත්තා. බෝඩිමේ අක්කගේ මැදිහත් වීමෙන් ධනංජයගෙන් ගැලවෙන්න මට පුළුවන් වුණා. මම දැං ඒ බෝඩිමෙනුත් ඇවිත් වෙන තැනක ඉන්නේ. එහෙම කළේ මගේ ආරක්ෂාවට. මම හම්බකරපු සල්ලි බොරු ශෝක්වලට වියදම් කළේ නෑ. හැම සතේම පොත්වල දැම්මා ඕන කරන රත්තරන්බඩු මම හදාගත්තා. අම්මාට අප්පච්චිට බරක් නොවී ජීවත් වෙන්න ඕන කරන පසුබිම මම හදා ගත්තා. සුමේධ නිසා මට අකටයුත්තක් වුණා තමයි ඒත් එහෙම වුණා කිලා ජීවිතේනැති කරගන්නවත් පාරගන්නවත් වරද්දගන්නවත් මට ඕන වුණේ නෑ. මට ඕන වුණේ හොඳින් ජීවත් වෙන්න.

මේ වෙනකොට මගේ අම්මා, අප්පච්චි මට මංගල්‍යයක් කතාකරලා තියෙනවා. එයා මං බලන්න ආවා. ඇත්තටම එයා හොඳ කෙනෙක් කියලා මම හිතනවා. එයා යෝජනාවකින් ආව මනමාලයෙක් වුණත් බොහොම හොඳ කෙනෙක්.

මම එයාට කිසිම දෙයක් හැංගුවේ නෑ. හංගන්න මට වුවමනාවක් තිබුණෙත් නෑ. හැමදේම පැහැදිලිව කිව්වා. මම හිතුවා එයා මාව අතාරිනවනම් අතැරියත් කමක් නෑ ඇත්ත කියනවා කියලා.

කවින්ද හොඳ මනුස්සයෙක්. හොඳ රස්සාවක් කරන කෙනෙක්.

ඇත්තටම මම මේ දේවල් කියන්න හිතුවේ කාරණා කිහිපයක් නිසා මිස් මම හිතනවා මං කවුද කියන එක කාටවත් නොකියා රකී කියලා. ඒ වගේම මට කියන්න ඕන අද අපි ඉන්ටර්නෙට් එකේ ෆේස්බුක් සමාජ ජාලයේ සමහර නිවුස් දකිනවා. ආදරේට පිහියෙන් ඇනපු කතා. බෙල්ල වැළදාපු කතා එහෙම නැත්නම් වස බීපු කතා අහන්න ලැබෙනවා. මෙහෙම වෙන්නේ ආදරේ අහිමිවීම දරාගන්න බැරිකම නිසාලූ.

ඒත් එයාලා අවුරුදු දෙක තුනක ආදරය කළ කොල්ලෙක් නිසා තමාව පුංචි කාලේ ඉඳලා අතපය නොකඩා හදාවඩා ගන්න දහදුක් විඳපු අම්මා අප්පච්චිගේ ආදරේට ලොකු වේදනාවක් ගින්දරයක් දීලා ජීවිතේ නැති කරගන්නවා.

කිසිම දෙයක් අම්මා අප්පච්චිගේ ආදරේ තරම් වටින්නේ නෑ මිස් අපි ජීවත් වුණත් මළත් දාලයන එක්කෙනා හේතු දාහක් හොයාගෙන හරි යනවා. ඒත් අපේ අම්මා තාත්තා කවුරු අපිව දාලා ගියත් ළඟ ඉන්නවා අපිව දාලයන්නේ නෑ. කෙල්ලෙක් විදිහට සුමේධ මට නැතිවුණේ රත්තරං වගේ වටිනා දෙයක් වුණත් අම්මා අප්පච්චිගේ ආදරේ තරම් ඒ ආදරේ නිසා එයාල උහුලන දරු දුක තරම් මොනවත් වටින්නේ නෑ. ඇත්තටම මට කියන්න ඕන වූණේ ඒකයි. මගේ කතාවේ මොනවහරි ආදර්ශයක් තියෙනවා නම් ඒක මට සතුටක්. ඒත් මම දන්නවා මිස් සුමේධගේ ප‍්‍රශ්නෙදී මගෙන් වුණේ වරදක් කිසිම කෙල්ලක් නොකළ යුතු වරදක්.

නංගියේ මේ කතාව කියවන නුඹ සුමේධලා නිසා අසරණ වුණ නිශාදි කෙනෙක් වෙන්න පුළුවන්. ඒ නිසාම ජීවිතේ නැති කරගන්න තරම් වේදනාවක කළකිරීමක ඉන්නවා වෙන්න පුළුවන් එහෙම නැත්නම් වැරදි පාරක වැරදි ගමනක යෙදෙන කෙනෙක් වෙන්නත් පුළුවන් හැමදේම වෙන්න පුළුවන් දේවල් අතරට එකතුවෙද්දි නුඹ නිසා වැදූගෙයි වධ වින්ද අම්මා තරම් නුඹව උස්මහත් කරන්න දරදිය ඇද්ද දහදුක් වින්ද තාත්තා තරම් නුඹ දුක් විඳලා නෑ. ගිනි උහුලලා නෑ. ඒ නිසා අම්මා තාත්තට ගින්දරක් නොදී සැනසිල්ලක් වෙලා, සිහිනයක් වෙලා ජීවත් වෙන්න බලපන්.

(නම් ගම් මනඃකල්පිතය.)

true love story sri lanka

NO COMMENTS

LEAVE A REPLY