මගේ ප‍්‍රථම පෙම්වතා ඉන්දියානු ජාතිකයෙක්! Upeksha Swarnamali First Boy Friend

මගේ ප‍්‍රථම පෙම්වතා ඉන්දියානු ජාතිකයෙක්! Upeksha Swarnamali First Boy Friend

77
0
SHARE
Upeksha-Swarnamali-love

මගේ ප‍්‍රථම පෙම්වතා ඉන්දියානු ජාතිකයෙක්
ආදරය සුන්දර වරදක් ලෙස අර්ථකථනය කර තිබෙන්නේ කවියෝග ඒ සුන්දර ආදරය පුංචිම පුංචි වරදක් ලෙස දැක්වූවත් මිනිසා ජීවත්වන්නේ ඒ ආදරණීය මතකයන් හා බැඳීම් නිසා. ආදරයට දුප්පත් පොහොසත් භේදයක්වත්ල කලූ සුදු භේදයක්වත්ල ජාති භේදයක්වත් ආගම් භේදයක්වත් වයස් භේදයක්වත් නැහැ. හැමෝම ආදරයට ආදරයට කරනවා.
උපේක්ෂා ස්වර්ණමාලි කියන්නෙත් දියණියක්, නිළිියක්, දේශපාලන නියෝජිතවරියක් ලෙස ජීවිතය සරිකළත් ඇයත් ආදරයට ආදරය කරන ආදරවන්තියක්. ඇය ඒ සුන්දර ආදරය පිළිබඳ අවදිකළ සොඳුරු අදහසුයි මේ.

ඔබේ ළමා කාලයේ මතකයන් අවධි කළොත්.
මගේ ළමා කාලය ගතවුනේ අනෙක් පුංචි දරුවන්ට වඩා වෙනස් විදියට. මට අවුරුදු හතර වෙද්දි මගේ මව්පියන් වෙන්වුණා. ඊට පස්සේ මගේ ළමා කාලය අස්ථාවර වෙනවා. හෝඩියේ පංතියේ ඉඳලා උසස්පෙළ දක්වා එනකොට මම පාසල් නවයක අධ්‍යාපනය ලබලා තියෙනවා. ඒකට හේතුව අම්මාගේ ආර්ථිකමය ගැටලූ හා විවිධ රැුකියාවලට යොමුවීමට සිදුවීම.ඒ අස්ථාවරකම ජීවිතයේ තිබුණත් මගේ අම්මා මට අඩුපාඩුවක් කළේ නෑග ඒනිසා මට ජීවිතේ ලොකු වෙනසක් දැනුණේ නෑ. ඒත් අද ආපස්සට හැරිලා බලනකොට යාළුවන්ගෙන් ගුරුවරුන්ගෙන් සහ අසල්වැසියන්ගෙන් ඈත්වීම පොඩි අඩුවක් හැටියට දකිනවා.

පාසල් කාලය මොන වගේද?
අධ්‍යාපන කටයුතුවලදී මම සාමාන්‍ය දරුවෙක්ග විශේෂ දක්ෂතා තිබුණේ නැහැ. ක‍්‍රීඩා කටයුතුවලටත් එතරම් දක්ෂතාවයක් තිබුණේ නැහැ. ඒත් මට අවුරුදු හතර වෙනකොට අම්මා නර්තනය හදාරන්න යොමුකළා. පොඩිකාලේ ඉඳලා කලා කටයුතුවලට නම් දක්ෂ වුණා.

පාසල තුළ නිහඬ ළමයෙක්. ඒනිසා එතරම් ජනප‍්‍රිය වුණේ නැහැග එක අවස්ථාවක මම කානිවල් එකකදී නැටුමක් ඉදිරිපත් කළා. එදා අපේ පාසලේ අය හිතුවේ මම වෙන පාසලක ළමයෙක් කියලාග ඒත් මම ඒ පාසලේ කියලා දැනගත්තම එයාලා පුදුම වුණාග මට පන්තියේ හිටියේ එකම යාළුවයි. එයත් අහිංසකල පැත්තකට වෙලා හිටිය ළමයෙක්.

ආදරය සම්බන්ධ පළමු අත්දැකීම ගැන කතා කළොත්.
පාසල්කාලයේ ආදරය සම්බන්ධ වුවමනාවක් තිබුණේ නෑ.
ගොඩක් ළමයි ආදරයට පෙළැඹෙන්නේ යාළුවෝ නිසාල මාධ්‍ය නිසා නැත්නම් වෙනත් කුමන හෝ හේතුවක් නිසා. ඒත් මං ගැටලූ සමග පාසල් මාරුකරමින් පාසල් ගිය කෙනෙක්. ඒ වගේම මම හැදුණේ ක්වේට්වල. පාසල් ගියේ එහේ. ඒ නිසා විශේෂයෙන් ආදරය ගැන හැඟීමක් ඇතිවෙලා නැහැ. කානිවල් වලට ගියහම මාව දැකලා පිරිමි ළමයින් යාළුවෙන්න අහපු අවස්ථා තිබුණා. අම්මට මියුසිකල් ගෲප් එකක් තිබුණා. මම ඒ පරිසරයත් එක්ක සමාජයට ගියපු කෙනෙක්. ඒ අවස්ථාවලත් මට ආදරය සම්බන්ධ යෝජනා ඇවිත් තිබුණා. ඒත් මට ඒ වගේ අවශ්‍යතාවයක් තිබුණේ නැහැග ඒ වගේම ඒ අය බෑ කිවුවම කරදර කර කර තර්ජනය කර කර පස්සෙන් ආවෙත් නැහැග ලංකාවට වැඩිය ගොඩාක් වෙනස් පරිසරයක් ක්වේට්වල තිබුණේ.

මට මුලින්ම විශේෂ හැඟීමක් දැනුණේ අවුරුදු 16දී විතර. එයා මාත් සමග නර්තනයේ යෙදුණු මගේ පාට්නර්. උසස්පෙළ පංතියේ හිටපු අයියා කෙනෙක්. ගොඩක් හොඳයි.එයා ගැන විශේෂ කැමැත්තක් තිබුණා. ඒ ඇරුණුකොට වෙන කිසිම සම්බන්ධතාවයක් තිබුණේ නැහැ. මගේ පළමු ආදර සම්බන්ධතාව ඇතිවුණේත් වයස අවුරුදු 18දී. එය පටන් ගත්තේ පල්ලියේදී. එයා ඉන්දියානු ජාතිකයෙක්. ඒ පල්ලියට විවිධ ජාතීන් එකතුවෙනවා. මගේ ජීවිතේ යම්කිසි ස්ථාවරයක් පල්ලියේදී හැදෙනවා. පාසල් මාරුකළා වගේ පල්ලි මාරුකළේ නෑ. උනන්දු වෙලා පල්ලි ගියාග අවුරුදු තුනක් විතර ආශ‍්‍රය කරලයි යාළුවෙන්නේග ඒත් එයාට වැඩිදුර අධ්‍යාපනය සඳහා පිටරට යන්න සිද්ධවෙනවාග මමත් ලංකාවට එනවාග ඒකෙන් අපි දුරස්වෙනවා.
මම ලංකාවට එනකොට වයස අවුරුදු 21යි.

ලංකාවට ආ පසු ඔබේ ජීවිතය වෙනස් වුණා නේද?
ඔව්ල ලංකාවට ආ මුල් කාලයේම මම රංගනයට සම්බන්ධවෙනවා. ඒ කාලයේමයි මගේ පෙම්වතා මුණ ගැහෙන්නෙත්. අපි අවුරුදු පහක් ආදරය කරනවාග එයා හොඳ කෙනෙක් කියලා හිතුන නිසා අපි බඳිනවා. ඊට පසු ඇති වූ විවිධ ගැටලූ නිසා අපි දික්කසාද වුණා.

ජීවිතයේ ආපස්සට හැරිලා බලද්දී වයසත් එක්ක අත්දැකීම් එක්ක ආදරය කාලයෙන් කාලයට දැනෙන විදිහ වෙනස් ලෙස අවබෝධ වෙනවාග මගේ හිතට එකඟව ප‍්‍රශ්න මධ්‍යයේ වුවත් සතුටින් කාලය ගතකළා. ප‍්‍රශ්නයි සතුටයි සංසංදනය කරලා බලපුවාම සතුට බොහොම ඉහළින්ම තිබුණා. ඉදිරියේදීත් ආදරය පුළුවන් උපරිමයෙන්ම විඳින්න කියලයි මගේ හිත කියන්නේ. මට ආදරවන්තයෙක් ඉන්නවා.ඒත් විවාහය ගැන තවම හිතලා නැහැ. පසුගිය කාලේ සිදුවීම් එක්ක පුංචි බයක් හිතේ තියෙනවා. ජීවිතේ හැමෝම ළඟ අඩුපාඩු තියෙනවා. අංගසම්පූර්ණ අය කොහේවත් නැහැ. ඒත් සතුටින් ජීවත්වෙන්න උත්සාහ කරනවා..

තරුවලට ආදරය කරන පේ‍්‍රක්ෂකයෝ ඉන්නවා. ඔයාගේ අත්දැකීම් මොනවාද?
එක මනුස්සයෙක් හිටියා එයා මගේ ෆෙස්බුක් එකෙත් හිටියා. ඒ මනුස්සයා පැයකට මැසේජස් දහයකට වැඩිය එවනවා. දිගටම ෆේස්බුක් එකේ මැසේජ් තියෙනවා. ඒත් මේ මනුස්සයා ඒ එවන එක මැසේජ් එකකවත් වැරදි දෙයක් කියලා තිබුණේ නෑ. වැදගත් දේවල් තමයි මට මැසේජ් කරන්නේ. ඒනිසා බනින්න හිතෙන්නෙත් නැහැ. ඒත් එයා හරි වදයක් වුණා. අවුරුදු දෙකහමාරක් විතර ඉදලා මේ මනුස්සයා මැසේජ් කරනවා, කෝල් කරනවා. වදයක්ම වෙච්ච නිසා මම එයාව බ්ලොක් කළා.ඊට පස්සේ අලූත් නම්බර් එකකින් කතා කරන්න ගත්තා. බැරිම තැන දවසක් මම මේ මනුස්සයට කතා කරන්න අපි ෂූටින් කරන තැනට එන්න කිව්වා. ඒ මනුස්සයා එතනට ආවා.එයා බලාපොරොත්තු වුණේ විවාහවෙන්න. ආදරය කරන්න, මම ඒක නොවෙන දෙයක් බව කිව්වා. අපේ කට්ටියත් ටිකක් බයිට් කළා. පස්සේ මම මගේ වාහනේ දීලා ඒ මනුස්සයා වැඩට යන්න බස් හෝල්ට් එකට ගිහින් දැම්මා. ඒත් ඒක ඉවරවුණේ නෑ.එයා මගේ ගෙදරට ආවා. ගම්පහ තියෙන දේශපාලන කාර්යාලයට ආවා. ඒ කරදරය එන්න එන්න වැඩිවෙන නිසා මට පොලිසියට කියන්න වුණා.හේතුව ඔහුට මානසික ලෙඩක් ඇති බව මට වැටහුණා. මම හිතපු දේ හරි. ඔහුව අන්තිමට අංගොඩට යොමු කරා. දැන් ප‍්‍රතිකාර ලබනවා. හේතුව මීට පෙර බාල වයස්කාර ගෑනු ළමයකුට ආදරය කරලා පොලිසි ගිහින් ගුටිකාලා මානසිකව දුර්වල වෙච්ච කෙනෙක්. මේ වෙන කොටත් ප‍්‍රතිකාර ගන්නවා එයා. ඒත් ෆේස්බුක් එකෙත් මට අදටත් පණ්විඩ තියෙනවා. මුලින් මම ඔහුට බැන්නත් ඔහු  මානසික ලෙඩෙක් බව දැනගත්තම අනුකම්පා හිතුණා. ඒත් ඒ වගේ අයට අනුකම්පාව පෙන්නන්නත් බයයි.ඒක තමයි මතක සිටින අත්දැකීම්.

ඔබ ළඟදී විවාහ වෙනවද?
මට සම්බන්ධතාවක් තියෙනවා. ඒත් තවම විවාහය ගැන හිතලා නැහැ. බලාපොරොත්තුවක් තියෙනවා. ඒත් කවදද වෙන්නේ කොහොමද වෙන්නේ කියලා හැඟීමක් නැහැ. මම දික්කසාද වුණ කෙනෙක්. ඒනිසා ජීවිතේ පිළිබඳ තීරණ ගනිද්දි පුංචි බයක් තියෙනවා. හේතුව මේ ලෝකේ හැම පුද්ගලයෙකුගෙම අඩුපාඩු තියෙනවා. ඒක මනුස්ස ස්වභාවය. මම ආදරය කරන කෙනා හොඳ කෙනෙක්. ඒ්ත් මගේ ජීවිතේට නොගැළපෙන අඩුපාඩුවක් දැක්කොත් ඉන් හදවතට පුංචි චකිතයක් ගෙන එනවා. මට මොකක් වෙයිද කියලා හිතෙනවා. ඒත් මම විශ්වාස කරනවා එයා හොඳයි කියලා.. මගේ අම්මගේ ආශීර්වාදය මට තියෙනවා. කේ්න්දර පිහිටීමත් හොඳයි.මේ දවස්වල තියෙන දේශපාලන අස්ථාවරත්වය සමතයකට පත්වුණාම ඉදිරියෙදි විවාහය ගැන තීරණයක් ගන්න බලාපොරොත්තු වෙනවා.

අනාගත බලාපොරොත්තුව මොනවාද?
පුංචි කාලේ ඉඳලා මට තිබුණ ලොකුම බලාපොරොත්තුව ළමා නිවාසයක් පවත්වාගෙන යාම, දැනටමත් මම ළමා නිවාස කීපයකටම උදවුකරනවා. ඒ වගේම අලූත් ළමා නිවාසයක් පටන්ගන්නවට වඩා පවත්වාගෙන යාමට අපහසු ළමා නිවාසෙකට උදව්කිරීම හොඳයි කියලා හිතනවා.

ඒවගේම මම මටමයි කියලා ස්ථාවරත්වයක් හදාගන්න  ඕන. හේතුව මගේ ඒ සිහින සපුරා ගන්න මුදල් වගේම කාලයත් අවශ්‍යයි. මට ප‍්‍රශ්න ගැටලූ තියාගෙන තවත් කෙනෙකුට උදවු කරන්න අපහසුයි. මම ස්ථාවර වුණොත් මට ස්පොන්සර්ලා පස්සේ ගිහින් කරදර වෙන්නේ නැතිව දරුවෝ වෙනුවෙන් යම්කිසි දෙයක් කරන්න පුළුවන්. දැනුත් මම හැකි පරිදි ඒ දේවලට දායක වෙලා කටයුතු කරනවා.

උපුටා ගැනීම උපුටා ගැනීම ලංකාදීප පුවත්පත ඇසුරෙනි ඇසුරෙනි

NO COMMENTS

LEAVE A REPLY