ලිංගික සබඳතාවයන්ට මග පාදන ලොව ප්‍රකට වෙබ් අඩවියක් හැක්කර ලිංගික රහස් උස්සලා...

ලිංගික සබඳතාවයන්ට මග පාදන ලොව ප්‍රකට වෙබ් අඩවියක් හැක්කර ලිංගික රහස් උස්සලා One website hacked sexual secrets lifts

201
0
SHARE
One website hacked sexual secrets lifts

රහස් ලිංගික සබඳතාවයන්ට මග පාදන ලොව ප්‍රකට වෙබ් අඩවියක් වන ඇඩල්ට් ෆෙරෙන්ඩ් ෆයින්ඩර් ඩොට් කොම් (AdultFriendFinder.com) නැමති වැඩිහිටියන්ට පමණක් වෙන්වූ වෙබ් අඩවියට පරිගණක හැකරුවන් අනවසරයෙන් ඇතුළු වී එහි තිබූ දත්ත සොරාගෙන ඇතැයි විදෙස් වාර්තාවල දැක්වේ.

මේ අලකලංචිය නිසා සුප‍සිද්ධ පුද්ගලයින් ඇතුළු ලොව පුරා වෙසෙන මිලියන 4 කට අධික පිරිසකගේ රහස් ලිංගික තොරතුරු අනාවරණය වීමේ ඉඩකඩක් පවතින වැනල් 4 නාලිකාව කියා සිටී.

මෙහි සිටින සාමාජික සංඛ්‍යාව මිලියන 64ක් බව පැවසේ.

සී.එන්.එන්. මනී (CNN Money) කියා සිටින්නේ මෙම වෙබ් අඩවිය උපයෝගී කර ගනිමින් රහස් ලිංගික සබඳතා පැවැත්වූ ප්‍රසිද්ධ පුද්ගලයික් රැසක්ම මේ වනවිට නමින්ම හඳුනාගෙන තිබෙන බවයි.

මෙම වෙබ් අඩවිය විසින් සිය ගනුදෙනු කරුවන්ගේ රහස් තොරතුරු සුරැකිව තබාගැනීමට බැඳී සිටින අතර වෙබ් අඩවියට ලොව පුරා මිලියන 64 ක පමණ පිරිසක් සම්බන්ධ වී සිටින බව එම සමාගම පවසා ඇත.’

මෙම අනවසර ඇතුළුවීම මාර්තු මාසයේ සිදුකර තිබුණත් එම සයිබර් ප්‍රහාරය එල්ලකරනු ලැබුවේ ඇඩල්ට් ෆෙරෙන්ඩ් ෆයින්ඩර් (AdultFriendFinder.com) බව මුලින්ම හෙළි කළේ එංගලන්තයේ වැනල් 4 නාලිකාව විසිනි.

මෙම අනවසර ඇතුළුවීම නිසා මෙම වෙබ් අඩවිය සමග කටයුතු කළ ගනුදෙනුකරුවන්ගේ ඊ-මේල් ලිපින, රහස් කේත, උපන්දිනය, ලිංගික කැමැත්ත යන තොරතුරු හැකරුවන් විසින් හොරකම් කර තිබෙන බවත් ණයපත් දත්ත හොරකම් කළාදැයි තවමත් අනාවරණය නොවන බවත් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් මෙම වෙබ් අඩවිය අයත් සමාගම පවසා තිබෙන්නේ මෙම අනවසර ඇතුළුවීමට එරෙහිව කටයුතු කරමින් තිබෙන බවත් සිය ගනුදෙනුකරුවන්ගේ සුරක්ෂිතභාවය රැක ගැනීමට කැපවන බවයි.

NO COMMENTS

LEAVE A REPLY