How To Whiten Your Teeth, Prevent Bad Breath, Tartar and Plaque Sinhala...

How To Whiten Your Teeth, Prevent Bad Breath, Tartar and Plaque Sinhala Article

1388
0
SHARE
How To Whiten Your Teeth, Prevent Bad Breath, Tartar and Plaque Sinhala Article
How To Whiten Your Teeth, Prevent Bad Breath, Tartar and Plaque Sinhala Article
දත් වල මැලියම් හා කහට ගතිය ඉවත් කරමින් සුදෝසුදු දත් දේපලක් හිමි කරගැනීමට පහත සරල ක්‍රම උත්සාහ කර බලන්න
 

   සුදුවන් දත් දෙපෙළක් තියෙනවනම් ඔයාල ගොඩාක් කැමතියි නේද. මේ ලිපිය කියෙව්වම ඔයාලට තේරේවි ඒක කොයිතරම් පහසු, සරල දෙයක්ද කියල. ඔයාගේ දත් වල බැදුණු මැලියම් හා කහට ගතිය ඉවත් කර දුර්ගන්දයකින් තොර සුදෝ සුදු දත් දේපලක් හිමි කර ගැනීම ඉතාම පහසු වැඩක්. පොල්තෙල් මේස හැන්දක් විනාඩි 15ක් 20ක් විතර කටේ තියන් ඉඳලා ඊළගට සාමාන්‍ය විදියට දත් මදින එක විතරයි ඔයාට කරන්න තියෙන්නේ. එහි ප්‍රතිපල ඔයාව මවිත කරාවි. කොහොම උනත් අපි මේ කියන අනෙකුත් උපක්‍රමත් උත්සාහ කරලා බලන්න කියල අපි ඔයාලගෙන් ඉල්ලා සිටිනවා. මේ සියල්ලම ඉතාම පහසු සහ සරල ඒවා. ඔයාට කරන්න බැරි කිසි දෙයක් මෙතන නැහැ.

 

 

01. ස්ට්‍රෝඛෙරි සහ බේකින් සෝඩා

ස්ට්‍රෝඛෙරි යුෂ ටිකකට බේකින් සෝඩා තේ හැන්දක් එකතු කරගෙන ඒ මිශ්‍රණයෙන් දත් මදින්න. මේක සතියකට දෙපාරකට වඩා නොකරන්න මතක තියාගන්න.

02. ඇපල් සයිඩර් විනාකිරි සහ බේකින් සෝඩා

දන්තාලේපයක් තරමට එනතුරු ඇපල් සයිඩර් විනාකිරි සහ බේකින් සෝඩා මිශ්‍ර කරල ඒ මිශ්‍රණයෙන් දත් මදින්න. මේකත් සතියකට එකපාරක් හෝ දෙපාරක් කලාම ඇති. මොකද මේ මිශ්‍රණය ආම්ලික නිසා ඔයාගේ දත් වල එනමලයට හානි වෙන්න පුළුවන්.

03. ඔලිව් තෙල්

ඔලිව් තෙල් වලින් කට සේදීමත් හොඳ ප්‍රතිකාරයක්. මේක ආම්ලික නොවන නිසා දිනපතා උනත් කරන්න පුළුවන්. ඔයා ඔලිව් තෙල් වල රසයට අකමැති නම් කපු පුළුන් කැබැල්ලකට හරි රෙදි කැබැල්ලකට හරි ඔලිව් තෙල් ටිකක් දාල එයින් දත් ටික අතුල්ලන්නත් පුළුවන්.

04. කෙසෙල් ලෙල්ල

කෙසෙල් ලෙල්ලේ ඇතුල් පැත්තෙන් දත් ටික ඇතිල්ලීම දත් සුදුවන්ව පවත්වා ගැනීමට ඉතා හොඳ ප්‍රතිකාරයක්.

05. ලෙමන්/දොඩම් ලෙලි

දොඩම් ලෙල්ලක් හරි ලෙමන් ලෙල්ලක් හරි අරන් දත් ටික අතුල්ලන්න. ඒකෙන් දත් පිරිසිදු වෙනවා වගේම සුදු වෙනවා.

06. ලුණු සහ දත් ඛෙහෙත්

දත් මදින වෙලාවට ඒ දත් ඛෙහෙත් ටිකටම ලුණු ස්වල්පයක් එකතු කරලා දත් මදින එකත් දත් වල නිරෝගී බව පවත්වා ගැනීමට ඉතා හොඳ ප්‍රතිකර්මයක්.

07.ඇපල් ආහාරයට ගැනීම

දිනපතා ඇපල් ආහාරයට ගැනීමෙනුත් ඔයාගේ දත් ටික පිරිසිදුව තියාගන්න පුළුවන්. හැබැයි එහෙම වෙන්නේ නැව්ම්, පිරිසිදු ඇපල් ආහාරයට ගත්තොත් විතරයි.

08. කිරි තේ සහ කිරි කෝපි

ඔයා තේ හරි කෝපි හරි බොන වෙලාවට ඒකට කිරි ටිකකුත් එකතු කරගත්තොත් තේ සහ කෝපි වල අඩංගු කැෆෙන් මගින් ඔයාගේ දත් වල කහට බැදෙන එක අඩු වෙනවා..

09. කැෆෙන් සහ සීනි අඩංගු ආහාර ගැනීම අවම කිරීම.

කැෆෙන් සහ සීනි ඔයාගේ දත්වල නිරෝගී භාවයට සුභ වෙන්නේ නැහැ. ඒ නිසා තේ, කෝපි සහ ශක්තිජනක පානයන් ගැනීම අඩුකිරීම ඔයාගේ දත්වලට හිතකරයි.

ඉතින් ඔයත් මේ කියපු දේවල් උත්සහ කරලා බලල ලස්සන දත් දෙපෙළක් හිමි කරගන්න.

Source – justnaturallife

NO COMMENTS

LEAVE A REPLY