ළමයාගේ බෙල්ල ගැටගහලා ‘‘අම්මා‘‘ කියන නමත් කැත කරපු ගැහැණියක් දරුවාට බලු කෑම...

ළමයාගේ බෙල්ල ගැටගහලා ‘‘අම්මා‘‘ කියන නමත් කැත කරපු ගැහැණියක් දරුවාට බලු කෑම කන්න දීලා – Woman In Custody After Posting Photos Of Her Baby On A Leash On Facebook

968
0
SHARE
woman-in-custody-after-posting-photos-her-baby-on-leash-facebook

මවක් සිය දරුවන් රැකබලාගන්නා ආකාරය පිළිබඳව අමුතුවෙන් ඔබහට කිවයුතු නොවේ. මන්ද ඇයට මෙලොව ඇති උතුම්ම සම්පත වන්නේ සිය දරුවන් නිසාවෙනුයි. නමුත් එවැනි මව්වරුන් අතර සිටි හිත්පිත් නැති කාන්තාවක් පිළිබඳව මේ වන විට වාර්තා වන්නේ පිලිපීනයේ මැනිලා අගනුවරිනුයි.

ඇය විසින් සිය ෆේස්බුක් ගිණුමක පළකර තිබූ ඡායාරූපයක දැක්වෙන්නේ තම දරුවාගේ ගෙලට ලණුවක් දමා එය එක් කොනකින් අල්ලාගෙන සිටින ආකාරයයි.

එමෙන්ම ඔහුව බිම දනගස්සවා කෑමට දී ඇත්තේ සුනඛයින් සඳහා ලබාදෙන ආහාර බවටයි මේ වන විට අන්තර්ජාලයේ පළවී ඇති පුවත් ඔස්සේ වැඩිදුරටත් වාර්තා වන්නේ.

පසුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් යම් පුද්ගලයෙකු විසින් ළමා ආරක්ෂණය පිළිබඳව වූ සංවිධානයන් හට දන්වා ඇති අතර හයිරා නම් වූ මෙම කාන්තාව පසුව එරට පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත. අයර්ලන්ත ජාතිකයෙක් වන ඉහත කී පැමිණිල්ල ලබාදුන් පුද්ගලයා රාජ්‍ය නොවන ආයතනයක සේවයේ නියුතු වී ඇත. මිතුරන්ද මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඔහු දැනුවත් කර ඇති අතර මවගේ අගය නොදන්නා ගැහැනියක් යැයි කියමින් මේ වන විට ඇයට බොහෝ පිරිසකගේ අප්‍රසාදය හිමිවී ඇත.

gossips lanka news
  • Facebook
  • Twitter
  • Google+
  • Pinterest
  • LiveJournal
  • Gmail
  • Yahoo Mail

NO COMMENTS

LEAVE A REPLY