සම්බාහනයට ගෙදරට ගෙන්නගත්ත කාන්තාව ඇඟට ගිනිතියා මාරුවෙයි – Woman ties Pennsylvania man...

සම්බාහනයට ගෙදරට ගෙන්නගත්ත කාන්තාව ඇඟට ගිනිතියා මාරුවෙයි – Woman ties Pennsylvania man to bed, sets him on fire

147
0
SHARE
Woman ties Pennsylvania man to bed, sets him on fire

වෑන් එකත් අරන් ගිහින්

සම්බාහනය සඳහා නිවසට කාන්තාවක් ගෙන්වාගත් පුද්ගලයෙකු විසින් මුහුණදුන් ත්‍රාසජනක සිදුවීමක් සම්බන්ධයෙන් මේ වන විට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. නිවසේ කිසිවෙකු නොමැති අවස්ථාවක ඔහු මෙලෙස කාන්තාවක් ගෙන්වාගෙන ඇත්තේ මුදල් පදනම මත සම්බාහනය සිදුකර ගැනීමටයි.

නිවසට පැමිණි ඇය අදලා පුද්ගලයා ඇඳක් වැනි යමක හාන්සි කරවා සම්බාහන කාර්යයේ යෙදී සිටින අවස්ථාවේ එක් වරම ඔහුගේ දෑත් බැඳදමා තිබෙනවා.

ඉන්පසුව යම් කිසි ද්‍රාවනයක් ගෙන එය ඔහුගේ උදරය හා පපු ප්‍රදේශයට දමා ගිනි තබා ඇති ඇය නිවසින් පැනගොස් තිබෙනවා. එලෙස පැනගොස් ඇත්තේ අදාල පුද්ගලයාගේ වාහනයේ යතුරුද සොරකම් කරගනිමිනුයි.

කෙසේ නමුත් දැඩි පරිශ්‍රමයක් දරා ගැටගසා තිබූ ලණුව ලිහාගනිමින් නිවසින් පැනගොස් ඇති පුද්ගලයා මේ සම්බන්ධයෙන් පොලිසියටද පැමිණිල්ලක් කර ඇති අතර පසුව ඉහත කී කාන්තාව අත්අඩංගුවට ගැනීමට ඔවුන් කටයුතු කර තිබෙනවා.

NO COMMENTS

LEAVE A REPLY