උඹ ඇහැට කනට පේන එකී.. කවුරු හරි උඹව රවට්ට ගනී! young sex...

උඹ ඇහැට කනට පේන එකී.. කවුරු හරි උඹව රවට්ට ගනී! young sex girl in sri-lanka

695
0
SHARE
young-sex-girl-in-sri-lanka

“ඔය ගියාට උඹ ආයෙත් මෙහෙට ඒවි..

චාන්දනී හිරෙන් නිදහස් වෙලා යන දවසේ මල්ලිකා කියපු කතාව චාන්දනිට තවමත් මතකයි..ඇයට ඒ කතාව එක පාරටම මතක් වුණේ බන්ධනාගාර බස් එකෙන් බැහැලා තල්ගහ යටින් යද්දී……

“ඔව් මම දැනගන හිටියා මට ආයෙත් එන්න වෙන බව..” චාන්දනී තමන්ටම කියා ගත්තාය..චාන්දනීගේ වයස තිස්හතක් විතර ඇති..චාන්දනී ඉපදුනේ කොළඹ නගරය ආසන්නයේ… මේ චාන්දනීගේ කතාවයි..
“මගේ තාත්ත කවුද කියා කියන්න මම දන්නේ නැහැ,අපේ අම්මා හරි හැඩයි.අපේ ගෙඳර හිටියේ අම්මයි ,මමයි, මල්ලියි, ආච්චියි විතරයි.අපි හිටියේ ගෙවල් පේළියක.ඒ ගෙවල් පේළියට කිව්වේ” මුඩුක්කු වත්ත”කියලා.

අපි හිටියේ ගෙවල්වලමද කියලා කියන්න දන්නේ නැහැ.ඒවා ලෑලී මඩු.වහලෙට දාලා තිබුණේ ටකරන්.මහ වැස්සට ගෙවල් පේළිය මැද්දෙන් ගඟේ වතුර ගලාගෙන යනවා..ඒ වෙලාවට අපි ඉන්නේ ඇඳන් උඩ.කාගෙන් හරි බත් පාර්සලයක් දෙකක් ලැබෙනකම් ඉවසිල්ලක් නෑ”
අම්මට රස්සාවක් තිබුණේ නැහැ..ආච්චි ඉස්කෝලේ ළඟ අඹ,දිවුල්,අච්චාරු වගේ දේවල් විකුණුවා..මම ඉගෙන ගත්තේ ඒ ඉස්කෝලේමයි…මල්ලී නම් පන්ති දෙකකට වඩා ඉස්කෝලේ ගියේ නැහැ.කට්ටි පැන්නා..ඊට පස්සේ එයා නතර වුණේ සුරංජිගේ කසිප්පු තිප්පොලේ..

අම්මා මේ කිසි දෙයක් නතර කරන්න ගියේ නැහැ..ඒත් අම්මා මා ගැන හොයලා බැලුවා..ආච්චි මැරුණේ මට අවුරුදු පහළොවක් විතර කාළේ..අම්මා කඩවල් වල කුලියට වැඩකරලා එනතුරු මම මුළු හැන්දැවරුවම ගතකළේ ආච්චි ගේ රැකවරණයේ..
ඒත් ආච්චිගේ මරණයෙන් පස්සේ තනිවුණේ මම.මගේ ඉස්කෝල ගමනත් කඩාකප්පල් වුණා..මල්ලී ගෙදර යන එන එකත් නතර වුණා..අම්මා හැන්දැවට ගෙදර එනතුරු මං මඟ බලාගෙන හිටියා..අම්මට වුනත් දිගින් දිගටම රස්සාවක් කරන්න හයියක් තිබුණේ නැහැ..ඒත් අම්මා පණ ඇද ඇද වැඩට ගියා.

“කෙල්ලේ මට උඹව තනියම ගෙදර දාලා යන්න බයයි,”

අම්මාගේ කටින් ඒ වචන ටික නිතරම පිටවුණා.ඒත් මාව දාලා යන්න බයයි කිව්වට අම්මා ගෙදර නතර වුනෙත් නැහැ..එහෙම වුණා නම් අපි දෙන්නම බඩගින්නේ..
අම්මා කාගේ කවුද කියන්නවත් මම දැනගන හිටියේ නැහැ…අම්මවත් ආච්චිවත් කවදාවත් එයාලගේ අතීතය මට කිව්වේ නැහැ.ඒත් මුඩුක්කු වත්තේ අය කිව්වේ අම්මා එච්චරම හොඳ චරිතයක් නෙමෙයි කියලා.එහෙමමයි කියලා මට අම්මාගෙන් ඈත් වෙන්න පුළුවන් කමක් තිබුණේ නැහැ.මට රස්සාවක් කරන්න උවමනාව තිබුණා..ඒත් අම්මා මට රස්සාවකට යන්න දුන්නේ නැහැ.

උඹ ඇහැට කනට පේන එකී..කවුරු හරි උඹව රවට්ට ගනී.”

අම්මා එහෙම කිව්වට බැරිම තැන මම වෙළද කලාපයේ රැකියාවකට ගියා…
මුලින් මුලින් ඒ පරිසරය හුරු වෙන්න අමාරු වුනත් පස්සේ මම ඒ පරිසරයට හුරුවුණා..
අවුරුද්දක් විතර මං රස්සාව කරගෙන යන්න ඇති..ආයෙමත් මම වත්තට ආවා.ඒ ආවේ අම්මව බලාගන්න කෙනෙක් නැති නිසා..මං ගෙදර නතර වෙන්න එනකොට අම්මා ගොඩක් අසනීප වෙලා.ඇවිදගන්න බැරිතරමට ඔත්පල වෙලා.රස්සාව කරන එක පැත්තකින් තියපු මම අම්මා බලාගන්න ගෙදර නතර වුණා.ඒත් අපට ජීවත් වෙන්න මඟක් තිබුණේ නැහැ.
අතේ තිබුණ මුදල් කණකර සියල්ලම නැතිවුණා.”

“අන්තිමේදි ජීවත්වෙන්න ක්‍රමයක් නැතුවම ගියා.වත්තේ අයගෙන් වුණත් අතමාරුවක් ගන්න තරම් කෙනෙක් හිටියේ නැහැ..මමත් අන්තිමට ආච්චි වෙළදාම් කරපු වට්ටියටම අඹ,ඇඹරල්ලා,ලොවි,අච්චාරු හදාගන ඉස්කොලේ ළඟට ගිහින් විකුණුවා.අම්මා මං ඒ ගමන යනවට කැමති වුණේ නැහැ.ඒත් මං වෙන මොනවා කරන්නද?
අම්මට අංශභාග රෝගය හැදිලා විදවන්න ගත්තා.ඒත් අම්මව එක්කගෙන ගිය එක මිනිහෙක්වත් අම්මව බලන්න ආවේ නැහැ.වත්තේ හිටපු ධර්මේ අයියා විතරයි අම්මව බලන්න ආව එකම එක්කනා.”
“කාලයක් යද්දී ධර්මේ අයියට මාව නැතුවම බැරිවුණා. ධර්මේ අයියා අපි ගැන බැලුවා.කොහොම හරි කුඩුවලට අහුවෙලා ධර්මේ අය්යා හිරේ ගියාට පස්සේ අම්මයි මමයි ආයෙත් තනිවුණා.අවුරුදු තුනකට විතර පස්සේ අම්මා මැරුණා.
ඊටත් පස්සේ වත්ත ඩෝසර් වුණා.වත්තේ හිටපු සමහරු වෙන තැන් වලට ගියා.මට යන්න තැනක් තිබුණේ නැහැ.මාව එක්කගෙන ගියේ සරෝජීනී.සරෝජීනී කියන්නේ අපේ හිටපු වත්තට ඉස්සරහින් තිබුණ ලොකු ගෙදරක හිටපු නෝනා කෙනෙක්.එයා හරි ලස්සනයි.ඒ වගේම සල්ලි තිබුණා.යන එන මං නැතිව හිටපු මම සරෝජීනී නෝනලාගේ ගෙදර ගියා.ඒ ගෙදර මං වගේම මටත් වඩා ලස්සන ගෑනු ළමයි කිහිපදෙනෙක්ම හිටියා”

“සරෝජීනී නෝනා මට අලුත් ඇඳුම් අරගෙන දුන්නා.ඊට ඉස්සර කවදාවත් මං ඒ වගේ ඇදුම් ඇදලා තිබුණේ නැහැ..සරෝජීනී නෝනා මාව එහෙම් පිටින් ම වෙනස් කෙනෙක් කෙරුවා. ඒ වෙනසට මං මුලින් අකමැති වුණත්,යන එනමං නැතිව හිටපු නැයෙක් යාළුවෙක් නැතිව හිටපු මම ඒ වෙනසට කැමති වුණා.මගේ ජීවිතේ නැති වුණේ සරෝජීනී නෝනලගේ ගෙදරදී.කොටින්ම කියනවා නම් සරෝජීනී නෝනා මාව විකුණුවා.”
“කාලයක් ගියා.මට දරුවෙක් ලැබෙන්න ආවා.මට ඔනේ වුනේ ඒ දරුවව හදාගන්න.ඒත් සරෝජීනී නෝනා මට දරුව හදාගන්න දුන්නේ නැහැ.එයා දරුව වෙන කෙනෙක්ට දුන්නා.තාත්තෙක් නැති දරුවෙක් මොකටද?කියලා හිතලා මං හිත හදාගත්තා.මටත් තාත්තෙක් නැනේ.මම මෙච්චර අසරණ වුණේ ඒ නිසා කියලා මම හිතුවා”….

“දවසක් සරෝජීනී නෝනගේ ගෙදර පොලිසියෙන් වටකෙරුවා.ඊට පස්සෙත් කීප වතාවක්ම පොලීසියෙන් පැන්නා. සමහර දවස් වලට හිරේ ගියේ අපි දෙන්නෙක් තුන්දෙනෙක්. සරෝජීනි නෝනා අපි දවසෙන් දෙකෙන් නිදහස් කරගත්තා.අන්තිමට අපි පොලිසියට අහුවුනේ සරෝජීනි නෝනත් එක්ක.අනාචාරයේ හැසිරිමේ වරදට අමතරව කුඩු විකිණිමත් අපට විරුද්ධව තිබුණ තවත් පැමිණිල්ලක් වුණා.”

“සරෝජීනී නෝනා ගාව තිබුණ කුඩු ප්‍රමාණය වැඩියි..ඒත් එයාට කුඩු ගෙනල්ලා දෙන කෙනා සරෝජීනී නෝනව උසාවියේදී ඇප ගෙවලා බේරගත්තා.ඒ වෙනුවෙන් හිරේ යන්න වුණේ මටයි.සරෝජීනි ගාව හිටපු තව කෙල්ලෝ දෙන්නෙකුටයි.”

අවුරුදු දෙක කියන්නේ එච්චර කාලයක් නෙමෙයි නේ.උඹ ගිහින් වරෙන් කෙල්ලේ.මං උඹව බලන්න එන්නම්.සරෝජීනි නෝනා අපිව සැනසුවේ ඒ විදිහටයි. “දැන් ඉතිං මොනවා කරන්නද මේ අවුරුදු දෙක ඉන්න වෙනවා.” චාන්දනි හිත හදාගන්නේ ඒ විදිහට. ඇගේ ජීවිතය සුන්දර නැත.ඇගේ තරුණ ජීවිතය අමාරුවේ වැටුණේ ඈ ජීවත්වු පරිසරයෙන් හා ඇගේම වරදිනි.ජීවිතය පිළිබඳ නිවැරදි තීන්දු තීරණ ගැනීමට තරම් ශක්තියක් නොමැති වීම ඇගේ ජීවිතයේ මේ මහා ව්‍යසනයට නිරන්තරයෙන්ම හේතුවිණි..

NO COMMENTS

LEAVE A REPLY