ඔබේ නිවස ඉදි කරන්නේ සත්ව ඇටකටු සහිත බිමකද?

පැරණි මහා වාස්තු ශිල්පය තුල ඉඩමක දෝෂ නිවරැදිව හදුනා ගත හැකි ක්‍රම රාශියක් පෙන්වා දී තිබෙනවා.එම ක්‍රම අතර ඉතාම බලවත් ක්‍රමයක් ලෙස ”මහා වාස්තු ශෛල චක්‍රය” හදුන්වා දිය හැකිය. සිංහලෙන් ලියැවී ඇති කිසිම වාස්තු ග්‍රන්ථයක මෙම ඉපැරණි ශෛල චක්‍රය සදහන් වී නොමැති බව ඔබ වෙත ඉතාමත් වගකීමෙන් පෙන්වා දිය හැක. ජන්මයෙන්ම තමන්ට හිමි වන වාස්තු ශිල්ප රැකගත් පරම්පරාගත පිරිසක් සතුව ඇති අති දුර්ලබ පොත්පත් ආශ්‍රයෙන් පමණක් සොයගත හැකි ශෛල චක්‍රය මුළුමහත් ශ්‍රී ලංකා වාසි සියලු ජනයාගේ හිත සුව පිණිස ඉදිරිපත් කරමි.


ශෛල යනුවෙන් අදහස් කරන්නේ ඇටකටු යන්නයි. ගෘහයක් ඉදිකරන භූමියේ පස් තට්ටුවට යටවී ඇති ඇටකටුවල බලපෑම ගෘහ හිමියාට දැනෙන ආකාරය පිළිබද ලබා ගන්නා මිනුම් මෙම ශෛල චක්‍රය මගින් සොයා ගනු ලබයි. ඒ අනුව ඒ භූමියී පවතින්නා වූ මිනිස් ඇටකටු සත්ව ඇටකටු ආදියෙහි පවතින සක්‍රිය භාවය පිලිබදව සොයා බැලීම මෙම ශෛල චක්‍රයෙන් සිදු කෙරේ. ඔබගේ ඉඩමේ පමණක් නොව මේ ලෝකයේ සෑම පස් කොටසකටම මිනිස් හෝ සත්ව ඇටකටු මිශ්‍රවී පවතී. ඇටකටු නොමැති භූමියක් සොයා ගැනීම නොමළ නිවසකින් අබ මිටක් සොයනවා මෙන් වැඩකි. මේ භූමිය ඇති වූ දා සිට, සතුන් ඇති වූ දා සිට එම සතුන්ගේ අස්ථි මෙම භූමියට පස් වූ බව අපි දනිමු. එසේ නම් මෙම ශෛල චක්‍රයේ අදහස කුමක්ද? භූමියේ පවතින යම් අස්ථි කොටසක් වේද එම අස්ථි කොටස මත වාසය කරන්නා වූ යම් යම් සියුම් ශරීර සහිත කොටස් බලවත්ව සිටිනවාද යන්න සොයා බැලීමයි. එම කොටස් පවතී නම් එම අස්ථි කොටස් සක්‍රීය වන බව වාස්තු විද්‍යාවේ සදහන් වේ.


මෙවැනි තත්වයක භූමියක බලවත් වූ විට එම ශෛල කොටස්වල වාසය කරන යම් යම් සියුම් ශරීර ඇති කොටස්වල බලපෑමට ලක් වේ. එම අවදානම බැහැර කල යුතු වෙනවා. එම නිසා එවැනි ශෛල කොටස් පවතිනවාද නැද්ද යන්න නිශ්චිතව හදුනා ගැනීම සදහා ශෛල චක්‍රය භාවිතා කරනවා.


ශෛල චක්‍රය භාවිතා කිරීම
මෙම ඉපැරණි මහා ශෛල වාස්තු චක්‍රය භාවිතා කිරීම සදහා පලපුරුදු වාස්තු ශිල්පියෙකුගේ සහාය ලබා ගත හැකි නම් වඩා යහපත් වන බව මතක තබා ගත යුතුයි.

ඊහාන දිසාව බලා මහා විශ්ණු දෙවියන්ගෙන් තමන්ගේ ඥාති දිව්‍ය පුත්‍රයාගෙන් සභා භූමි ඥාතීන්ගෙන් අවසර ගෙන නියමිත දිශාවෙන් ඉඩමට ඇතුළු වී භූමියෙන් අවසර ලබාගත් පසුව මෙම ශෛල චක්‍රයේ සදහන් වන ක්‍රියා පිලිවෙතට ප්‍රවේශ විය යුතුයි.
මුලින්ම ගෘහ මූලිකයා ඉඩමේ බ්‍රහ්ම පාදයට පැමිණ දෙනෙත් වසා දක්ෂිණාවෘත්තව තුන් වතාවක් කැරකිය යුතුයි. ඉන්පසුව දෙනෙත් පියාගෙනම තමන් කැමති දිශාවකට පියවර 3ක් ගමන් කොට 0ත් 9ත් අතර සංඛ්‍යාවක් කිව යුතුය. ඒ අනුව ගෘහ හිමියා ගමන් කල දිශාව හා ඔහු පැවසු අංකය සටහන් කරගත යුතු වෙනවා එම දත්ත දෙක යොදා ගෙන ශෛල චක්‍රය තුලින් ඉඩමේ සක්‍රීය ශෛල තිබෙනවාද නැද්ද යන්න තීරණය කිරීමත් එසේ තිබෙනවා නම් කුමන දිශාවේද යන්න නිශ්චිතව හදුනා ගැනීමටත් හැකියාව පවතිනවා.
ගෘහ හිමියා පවසන සංඛ්‍යාව ඉරට්ටේ සංඛ්‍යාවක් හා ගමන් කරන දිශාව ගිණිකොන නම් එම භූමියේ සක්‍රීය ශෛල පවතින බව මතක තබා ගත යුතුය. ගෘහ හිමියා පවසන සංඛ්‍යාව ඔත්තේ නම් සහ ඔහු ගමන් කලේ ඊශාන හෝ නිරිත දිශාවට නම් එම භූමිය ඉතාමත් නිදහස් සහ යහපත් භූමියක් බව සැලකේ. මේ ආකාරයට උතුර නැගෙනහිර සහ දකුණ දිශාවන්ද සුභ බව මතක තබා ගත යුතුය. අනෙකුත් දිශාවන් මිශ්‍ර එල සහිත බවද ශෛල චක්‍රයේ දක්වා තිබේ.
භූමියේ සක්‍රීය ශෛලවල බල ශූන්‍ය කිරීම

යම් භූමියක සක්‍රීය ශෛල තිබෙන බව දැනගත් විට ඔබ කලබල විය යුතු නොවේ. ඒ සදහා මහා වාස්තු ශිල්පය තුල සක්‍රීය ශෛලවල බල රහිත කිරීමේ විශේෂ වත්පිලිවෙත් සදහන්ව පවතී. එවැනි භූමි සදහා විශේෂයෙන් සාදන ලද වාස්තු මංජුසා 4ක් (ඉඩමේ මුලු ගනන අනුව මංජුසා ප්‍රමාණය වෙනස් වෙ. අපර භාග නැකතකට භූමිගත කල යුතුය. මෙම විශේෂ වාස්තු මංජුසාව තැන්පත් කල භූමිය මත සිට මහා තෛලේරු තෛලය යොදාගෙන සතර අනු දිශාවන්ට හරවා පහන් පත්තු කිරීම තුලින් ඉඩමේ පවතින ශක්‍රීය ශෛලවල බල රහිත වන බව මහා වාස්තුවේ සදහන් වේ. (ශෛලවල බල රහිත කිරීමේ වාස්තු මංජුසාව සදහා විශේෂ ඖෂධ හා ඒ සදහා යොදා ගන්නා සියලු මූල ධාතූන් අඩංගු කල යුතු අතර එම මංජුසා නිසි පරිදි ජීවම් කිරීමද අත්‍යාවශ්‍ය වේ.)
ඔබගේ අභිනව ගෘහය ඉදිකරනු ලබන භූමිය තුල බලවත් වන සියලු අයහපත් කොටස් ඉවත් කොට එම භූමිය විශ්ණු දෙවියන්ගේ ආශිර්වාදය ලබෙන වාසනාවන්ත භූමියක් බවට පත්කර ගැනීමට ඔබට වාසනාව උදාවේවා!

Latest articles

spot_imgspot_img

Related articles

Leave a reply

Please enter your comment!
Please enter your name here

spot_imgspot_img