ඔබට සැප විදීමට මග පෙනවන ග්‍රහයෝ

මෙලොව උපන් සැමටම සැප ලබන්නට බැරි වෙයි. සැප විදින්නට වඩා දුක ලබන්නෝ වැඩියි. එහෙත් සැප ලබන්නට, විදින්නට කවුරුත් කැමති වෙයි. සැප විදීමට ඉඩ සලසන මග පෙන්වන ග්‍රහයින් ගැන අපි ජ්‍යෝතිෂය අනුව බලමු..

ලග්නය, සිව්වැන්න යන ස්ථාන සැප සම්පත් විදීමට අවස්ථාව සලසයි. සිකුරු ග්‍රහයාද සැප ගෙනදෙයි. තවද සෞම්‍ය ග්‍රහයන් යෙදීමද සැප ගෙනවින ග්‍රහ බලයකි.


සිව්වැන්නේ කුජ, ශනි, රවි යන ග්‍රහයෝ යෙදීම පදිංචි ස්ථානවල අවුල් තත්වයන් ඇති කරයි. සැප වින්දත් සිතේ සතුටට වරින් වර බාධා බලපෑම් ඇති වෙයි. බුධ, ගුරු, සිකුරු වැනි ග්‍රහයෝ සිව්වැන්න යෙදීම ලස්සන නිවසක් සාදාගෙන සැපවත් ජීවිතයක් ගත කිරීමට භාග්‍ය උදා කරයි.


ධනු ලග්නයෙන් ජනිතව සිව්වැන්නේ සිකුරු යෙදීම උපන්දා සිට සැප විදීමේ වාසනාවලබන පින්වත් අයකු කරවයි. සිංහ ලග්නයෙන් ඉපදී සිකුරු අටවැන්නගතව උච්චවීම සැපසම්පත් විදීමට මග පෙන්වයි. තරුණ වයසේම විශාල ධනයක් උපයා ගනී. දක්ෂ ව්‍යාපාරිකයෙකුද වෙයි. සිකුරු ග්‍රහයා උච්ච උවත් පාප ග්‍රහයන්ගේ දෘෂ්ටිවලට ලක්වේනම් කොතරම් සැප සම්පත් ලැබුනත් සිත අසහනයෙන් පෙලේ. සිතේ සතුටක් නැතිව කල් ගෙවීමට සිදුවේ.

දෙවැන්න, පස්වැන්න අධිපති ග්‍රහයින් සිව්වැන්න යෙදීම අනුන්ගෙන් දේපල ලබා ජීවිතය සැපවත් කරවන ග්‍රහ බලයකි. මේෂ ලග්නයෙන්ජනිතව රවී, සිකුරු පස්වැන්න ගතවීම සැප ගෙන දෙන ග්‍රහ යෝගයකි. මෙහිදී රවී මූල ත්‍රිකෝණ ස්වෂේත්‍ර බලයෙන් යුක්ත වෙයි. සිකුරුගේ සතුරු බලය රවීගෙන් ඉවත් වී සුභපල දෙයි.
කුම්භ ලග්නයෙන් ජනිතව දෙවැන්නේ සිකුරු ග්‍රහයා උච්ච බලයෙන් යුක්ත වීම සැප ලැබෙන ග්‍රහ පිහිටීමකි. උපතේ සිට සැප විදගැනීමට හැකි වෙයි. වෘශ්වික ලග්නයෙන් ජනිතව සිකුරු පස්වැන්න යෙදීමද සැප විදීමට මග පෙන්වයි.

කටක ලග්නයෙන් ජනිතව නමවැන්නේ සිකුරු ග්‍රහයා යෙදීමද සෑම සැප සම්පතක්ම ලගා කරවන ග්‍රහ බලයකි. මකර ලග්නයෙන් ඉපදී ලග්නයෙහි කුජ යෙදී සිකුරු තුන්වැන්න යෙදීම සැප විදීමට ලැබෙන ග්‍රහ බලයකි. වෘෂභ ලග්නයෙන් ඉපදී සදු ලග්නගතව සිකුරු එකොලහේ යෙදීමද සැප සම්පත් ගෙන එන ග්‍රහ බලයකි.

කන්‍යා ලග්නයෙන් ඉපදී බුධ ලග්න ගත වීම සහ සිකුරු ග්‍රහයා හත්වැන්නේ වන මීන රාශී ගතවීමද සැප විද ගැනීමට උපකාරී වන ග්‍රහ පිහිටීමකි.

තුලා ලග්නයෙන් ජනිතව සෙනසුරු ලග්නගතව සිකුරු ග්‍රහයා මීන රැස යෙදීම කුඩා කල දුක් විද තරුණ ජීවිතය සැප සම්පත් ලබාදෙන ග්‍රහ තත්වයකි. වෘශ්චික ලග්නයෙන් ඉපදී සදු ලග්නගතව නීච වීම සහ සිකුරු පස්වැන්න යෙදීම සැප විදීමට හේතු ඇතත් එයට වරින් වර බාධා පැමිනේ.නිතර නිතර සිත් තැවුල් ඇති වෙයි. සදු සිකුරු උච්ච වීමෙන් සතුටින් සැපවත් ජීවිත ගතකිරීමට හාග්‍ය හිමිකර දෙයි.

සදු උච්චවීම ඉතාම යහපත් වෙයි. සදු නීච ග්‍රහයකුගෙ දෘශ්ටියට ලක් වීම අශුභ පල ගෙන දෙයි. සිකුරු උච්ච වී සැප සම්පත් ලැබුනත් ඒ සැප විදීමට සිදු වන්නේ ටික කාලයයි. සදු යුරේනස් සමග යෙදීම වේගවත් සිතුවිලි ඇති කරයි. සදු රාහු සමග යෝගවීමෙන් තම සිතුවිලි තමන්ටම පාලනය කිරීම අපහසු වෙයි. මෙහිදී විවිධ අයතා ක්‍රම උපයෝගී කරගනිමින් සැප සම්පත් ලබාගැනීමට යොමුවිය හැකි සිතක් නිර්මාණය විය හැක

Latest articles

spot_imgspot_img

Related articles

Leave a reply

Please enter your comment!
Please enter your name here

spot_imgspot_img